(ගයාන් සූරියආරච්චි)
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය III මගින් මෙම කැදවීම සිදුකර තිබේ.
ඉකුත් 2021 වසරේ දී දින 3 ක් සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කරනු ලැබූ අතර එහිදී උන් වහන්සේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ද ගොනු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශන සිදු වෙන්නේ විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා පැමිණිලිකරුවන්ට දඩුවම් ලබා දෙන්න දරණ උත්සාහයත් සමග වගෙයි පෙනෙන්නේ. පිනට දුන්න තනතුරට ප්‍රතිකාර කරන්න වෙන්න ඇති.
පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්න මහ මොළකාරයෝ,බලයට එන්ඩ ගේම් ගහපු දූෂිතයෝ පැත්තක. අප්‍රේල් 21 වැනිදාට අවුරුදු 5 ක් ගත උනා. මිනිමරුවෝ නිදහසේ නිදැල්ලේ .තවම එකෙක් හරියට අල්ලගන්ඩ බැරිවුණා .
ගන්න ගන්න අත්අඩංගුවට .ඊටපස්සේ බලාගන්න පුළුවන්, වෙන්නේ මොකද්ද කියලා
කනට ඇහෙන කතා ඇහුවාම ඇයි අපි මනුස්සයෝද? කියලා හිතෙනවා. හිතාගන්නවත් බෑ... මේ සියල්ල තණ්හාව, සොරකම නිසා...
ඡන්දේ ලං වෙනකොට ම පාස්කු නැත්නම් මොකුත් නැහැ.
මිනීමරුම් අල්ලන්නේ මිනී මරනවා දැකලාම නොවෙයි, ඇසින් දුටු සාක්කි වලින් නොවෙයි සිගරට් කොටෙන් වැනි සුළු සාක්ෂි වලින් එහෙම නම් පාස්කු ප්‍රහාරයට කලින් මුස්ලිම් පල්ලිවලට කඩු ගෙනාවේ ඇයි? කව්ද ගෙනාවේ? මොකටද ගෙනාවේ. රටේ කැළඹීමක් වෙන බව හම්බයෝ දන්නේ කොහොමද? කියන ඒවා පස්සේ යන්න...!