IMG-LOGO

සියැට් වෙතින් පාසල් 20 කට මාර්ග සුරක්ෂිතතා උපකරණ

මාර්ග තදබදය අධික ප්‍රදේශවල පිහිටි තවත් පාසල් 20 ක් සඳහා 2023 මුල් මාස තුන තුළ දී මාර්ග සුරක්ෂිතතා උපකරණ ප්‍රදානය කිරීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම පසුගිය දා පියවර ගත්තේය.

සියැට් කැලණි සමාගමේ ‘මග යන මග’ ලෙස නම් කර ඇති පාසල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන යටතේ සමාගම විසින් මෙම පාසල්වලට උපකරණ 330 ක් බෙදා දුන් අතර ඒවාට මාර්ග සුරක්ෂිතතාව සම්බන්ධ සංඥා පුවරු 150 ක්, මාර්ග කේතු 160 ක් සහ පාසල් රිය නියාමක කබා 20 ක් අයත් වේ. මෙම කැපී පෙනෙන ප්‍රජා වැඩසටහනට සියැට් සමාගම දීර්ඝ කාලීන කැපවීමක් සිදු කර ඇත්තේ සමාගමේ සියලුම නිෂ්පාදන ද මාර්ග සුරක්ෂිතතාව හා සම්බන්ධ වන නිසා යැයි සමාගම පවසයි.

මෙවර මෙම වැඩසටහන තුළින් ප්‍රතිලාභ ලබාගත් පාසල් අතරට කොළඹ 10 ආනන්ද විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍යම මහා විද්‍යාලය, නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල, කැලණියේ කැලණි මහා විද්‍යාලය, කොළඹ 07 කාන්තා විද්‍යාලය, කඩවත මහාමායා බාලිකා මහා විද්‍යාලය, කොළඹ 03 මහානාම විද්‍යාලය, මහරගම පිහිටි මහරගම මධ්‍යම මහා විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය, කැලණියේ පිහිටි පෑලියගොඩ රෝ.ක.වි., හෝමාගම ජනාධිපති විද්‍යාලය, කැලණිය ජනාධිපති විද්‍යාලය, කොළඹ 08 රත්නාවලී බාලිකා මහා විද්‍යාලය, වැලිගම සිද්ධාර්ථ විද්‍යාලය, නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලය, වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය, හෝමාගම සුභාරතී මහාමාත්‍ය මහා විද්‍යාලය සහ කිරිබත්ගොඩ විහාර මහා දේවී බාලිකා විද්‍යාලය අයත් වේ.    

කොවිඩ් වසංගතය නිසා විරාමයක් ලබාගැනීමෙන් පසුව සියැට් විසින් පාසල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන යළිත් වරක් පසුගිය වසරේ දී ආරම්භ කළ අතර එහි දී උපකරණ පරිත්‍යාග කිරීමේ ආකෘතිය අනුව වැඩසටහන ඉදිරියට රැගෙන ගියේය. මෙම වැඩසටහනේ මුල් අදියරේ දී සෘජුවම සිසු දරුවන්, දෙමව්පියන්, ප්‍රවාහන සම්පාදකයන් එනම් මූලික වශයෙන් පාසල් වෑන් රථ රියදුරන් සමග සම්බන්ධ වූ අතර ඔවුන් වෙනුවෙන් මාර්ග සුරක්ෂිතතා වැඩමුළු පවත්වා සමාගම විසින් දැනුවත් කිරීම් කරන ලදී. එසේම, මෙම වැඩමුළුවලට සමගාමීව සහභාගී වූ සෑම පාසලකටම මාර්ග කේතු, පාසල් රිය නියාමක කබා, මාර්ග සංඥා සහ අනිකුත් අවශ්‍ය උපකරණ සමාගම විසින් ප්‍රදානය කළේය.

595

 



අදහස් (0)

සියැට් වෙතින් පාසල් 20 කට මාර්ග සුරක්ෂිතතා උපකරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site