(පද්මසිරි ගාර්දියවසම්)
තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යයක් දමා ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට බෙලිඅත්ත කොස්ගහගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු මවක් සහ එයට අනුබල දුන් ඇයගේ සොහොයුරෙකු අද (25) දහවල් අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි .
ඉකුත් 20 දා සිය නිවසේ මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ රෝගී තත්ත්වයක් මත සැකකාරියගේ සැමියා මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු විෂ ශරීර ගත වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනාවරණය වූ බව පොලිසිය පවසයි .
ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යය දමා ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත කොස්ගහගොඩ විසූ රත්නගොඩ බරනාදුගේ ගයාන් චන්දිම කුමාර නමැති 45 හැවිරිදි අයෙකි .
සැකකරුවන් හෙට (26) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි .බෙලිඅත්ත පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
COMMENTS
අම්මයි දූයි මාමා තුන් දෙනා ම එල්ලලා මරන්න ඕනෑ...
ඔය පැත්තේ ඉන්නේ ඔය වගේ නසරානියෝ තමයි
විසෙන් විස නැසේ කියන්නේ බොරුවක්ද එතකොට?
යම් දෙයක් සිදු වුනාම, කෙනෙකුට දඩුවම් කිරීමෙන් පමණක් මේ ප්‍රශ්න විසදන්න බැහැ. ඒක කරුණාකර තේරුම් ගන්න. යමක් සිදු වූයේ ඇයි යන කාරණය මනෝවිද්‍යාත්මකව සොයා බලන්නට උවමනායි. පෙනෙන විදියට, තිදරු මවක් මෙවැනි යමක් සිදු කරන්නේ නම්, විශේෂයෙන් තම සොහොයුරෙකුගේ සහාය ඇතිව, එනම්, තමා කෙරෙහි මවු පිය හැරුණු කොට ප්‍රාණ සමානව තමනට ආදරය කරන එකම කුස උපන් අයකුගේ උපකාර මධ්‍යයේ, මෙහි සදහන් මිය ගිය ස්වාමිපුරුෂයා යම් අනීතික හෝ අශිෂ්ට යම් ක්‍රියාවක නිරත වන බවට යම් වියහැකියාවක් පවතිනවා. එය එසේ නොවිමේ හැකියාවක් ද පවතිනවා. මෙම කතාවේ පසුබිම යම් සැගවුනු යමක් පවතින බව පෙනෙනවා. මෙවන් ගෘහස්ථ දබර දුර යාමට හේතු බොහෝ විට ඒ පුද්ගලයන් තුල කුඩා කල පටන් පැලපදියම් වුනු මානසික රෝගී තත්ත්ව බව වෛද්‍ය විද්‍යාත්මක ව පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා. අධික පීඩනය, නිදහස නොමැති කම, ආර්ථික ප්‍රශ්න ආදියෙන් මේ තත්ත්ව භයානක තත්ත්වයට දැන් දැන් වර්ධනය වෙමින් පවතිනවා. කලා උපාධි කළ අයට රැකියා නැති ව සිටින පසුබිමක, ඒ උපාධි වලට මනෝ උපදේශනය වැනි වෘත්තීන්ට පුහුණු කර, ඒවා රට තුළ ව්‍යාපාර ලෙස පවත්වාගෙන යාමට පසුබිම විවෘත කරන්න. දික්කසාද නීතියෙන් පහස කරන්න.
දකුණේ අම්මණ්ඩිලානේ. ආයේ අහන්න දෙයක් නෑ. ඒ පැත්තේ මිනිස්සුත් එකයි, ගෑනු ඊට එහා. මනුස්සකම ගැවිලවත් නෑ. .. මියගිය සොයුරාට නිවන්සුව පතමු.
පවුල් ආරවුල් ගැන පිට අපට මොකුත් කියන්න බෑනෙ.