
‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමන අද (22) දඹුල්ලෙන් ඇරඹු අතර අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.අද උදෑසන 6.30ට මෙම සාම පා ගමන ඇරැඹිණි.
වියට්නාම් ජාතික පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේ ප්රමුඛ පිරිස ඊයේ(21) අනුරාධපුරයේ දී මෙම පා ගමනේ ආරම්භය සනිටුහන් කළ අතර අද (22දා) දෙවැනි දිනය ලෙස මේ පාගමෙන් කටයුතු සිදුවෙයි. මෙම ස්වාමින් වහන්සේලා සමග පා ගමනේ යෙදෙන ‘ආලෝකා‘ නැමැති සුනඛයා ද මෙම ගමනට එක්ව තිබෙන අයුරු දැක ගන්නට ලැබුණි.
( කාංචන කුමාර ආරියදාස )







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සෙලට ශක්තිය හා ධෛර්යය නිබදවම ලැබේවා. හැකි විගස නිවනින් සැනසීම ලැබේවා.
ලෝක සාමය උදෙසා නම් භික්ෂූන් වහන්සේලාගේ උතුම් උත්සාහය අගය කරනවා.
ලෝක සාමය උදාවේවා...
බුදුදහම ලොව තුළ පැතිරේවා. යුද බිය ගිනි දුරුවේවා...
ආලෝකා සුනඛයාත් මේ උතුම් මෙහෙවරට දායකත්වය දක්වනවා.
ප්‍රධාන ස්වාමීන් වහන්සේ දැක්කාම ඒ කාලයේ සිටි දේශාටන භික්ෂුව ෆාහියන් හිමියන්ව මතක් වෙනවා.
ඒහි පස්සිකෝ... එන්න ධර්මය දකින්න...