
(මනෝප්රිය ගුණසේකර)
ස්වයං ඝාතක බෝම්බකරුවන් 08 දෙනකු වසර 03ක කාලයක් පුරා පාලනය කළ රාජ්‍ය බුද්ධි අධ්යක්ෂවරයා ලෙස මෙන්ම ජාතික බුද්ධි අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ සැකකාර සලේ මානසිකව වට්ටන්න පුළුවන්ද? යනුවෙන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ ප්‍රශ්න කළ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරීස් මහතා මානසික වෛද්‍යවරයකු ද රවටු අති දක්ෂ රංගන ශිල්පියකු වන සැකකාර සුරේෂ් සලේ නමැත්තාට ‘ඔස්කා’ සම්මානය දිය යුතු බවට යෝජනා කළේය.
අහුන්ගල්ල හෝටලයේ වාර්තා ලැබීමත් සමඟ යටපත් වී තිබු දේවල් යළි ඉස්මතු වෙද්දී සැකකාර සුරේෂ් සලේ නමැත්තාට අඬෙනවා තමයි යැයිද ස්වයං ඝාතක බෝම්බකරුවන් 08 දෙනකු වසර 03ක කාලයක් බැලන්ස් කළ සැකකරුට මානසික වෛද්‍යවරයා බැලන්ස් කිරීමට හැකියාවක් නැද්ද? සලේ කියන්නේ පතෝල චරිතයක්ද? යනුවෙන් ප්‍රශ්න කළ ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතා කළ දේවල් මතක් වෙද්දී සැකකරුට සියදිවි නසා ගන්න හිතුනත් ඔහුට සියදිවි නසා ගන්න අපි ඉඩ තියන්නේ නැතැයිද කීය.
හිටපු බුද්ධි අධ්යක්ෂ සුරේෂ් සලේ නමැත්තා එදා කරපු දේට පාස්කු ඉරිදා පල්ලි ගිය දහස් ගණන් මිනිස්සු ඇඬු බවත් අවුරුදු 06කට පසු දැන් ඔහුට ඇඬන බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමන් සහ පාස්කු ප්රහාරයන් මියගිය සහ තුවාල ලැබුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පැවසීය.
කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර ගනිමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සියදිවි හානිකර ගැනීමේ අවධානමක් ඇති බව පවසමින් ඔහු ආරක්ෂිත ස්ථානයකට යොමු කරන්නැයි ඔහු වෙනුවෙන් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 10 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දුන්නේය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා පසුවන දැඩි මානසික ආතති තත්වයට ප්‍රතිකාර නොකළහොත් ඔහු සියදිවි හානිකර ගැනීමේ අවදානමක් ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවේ සඳහන් කළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටි අවස්ථාවේදී එම අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව ප්රතික්ෂෙප කළ පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරීස් මහතා ඔහුගේ රෝගී තත්වය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා විශේඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන්නැයි කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා එලෙස කල් තැබිණී.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ තත්වය දැනුම් දීම සඳහා පෙරදින ඉදිරිපත් කල මෝෂමකට අනුව මෙම පැමිණීල්ල කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා එලෙස කල් තැබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න තැනම හිටියොත් ජීවිතය රැක ගන්න පුලුවන්, එලියට ගියොත් අවදානම වැඩියි. පසුගිය දවස්වල සිදුඋන දේවල් දිහා බලද්දී...
මිනිහව පැත්තකට ඇදල අරන් මරල දාල කෙස් එක ක්ලොස් කරන්ඩ වගෙ නේද හදන්නෙ? ඔව්වට ඉඩ දෙන්න එපා. ඔය වැඩෙට සමහර අය බිලියනයක් උනත් ගෙවන්න සුදානම් අති?
දේශශපාලුවන්ගෙ නියාය පත්රවලට අනුව වැඩ කරන අය ඉන්නවානම් මෙවා එගොල්ලන්ට හොද පාඩම්. ඇමාරුවෙ වැටුනාට පස්සෙ එකෙක් ඉදිරිපත් වෙන්නෙ නැහැ වගකීම බාර ගන්ට හො බෙරා ගන්ට. අන්තිමට හැමදේටම තමන් ලඟ ඉතුරුවෙන්නෙ බිරිඳයි දරුවනුයි විතරයි.
පිල්ලෙයාන්, කරුණා, සලේ, ගෝටාබේ වගේ විරුවන්ට මෙහෙම සලකන්න හොඳ නෑ.
සුරේෂ් සලේ මහතාට එරෙහිව එල්ල වන චෝදනා අසත්‍යයි – දේශපාලනික පළිගැනීමක ගොදුරක්! අපේ රටේ බුද්ධි අංශයේ දීර්ඝ කාලීන සේවය කළ, LTTE ත්රස්තවාදීන්ට එරෙහිව සටන් කළ වීර යුද හමුදා නිලධාරියකු වන විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව එල්ල වන්නේ නිර්මාණාත්මක දේශපාලනික පළිගැනීමක චෝදනා පමණි. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති කිසිදු සාක්ෂියක් හෝ සැබෑ සම්බන්ධතාවක් අධිකරණය ඉදිරියේ තවමත් ඔප්පු වී නැත.
පෙර කොමිෂන් සභා සහ විමර්ශනවලදී සලේ මහතා නිදොස් කොට තිබියදී, දැන් ඔහුව රඳවාගෙන ඇත්තේ දේශපාලන අරමුණු සඳහා පමණි. ඔහු රටේ ආරක්ෂාව උදෙසා කළ සේවයට ගරු කළ යුතු අතර, ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගැනීම අත්‍යාවශ්‍යයි. ඔහුට සියදිවි නසාගැනීමේ අවදානමක් ඇති බව අධිකරණ වෛද්‍යවරුන් වාර්තා කර ඇත.
සලේ මහතා නිදොස් කළ යුතු කරුණු: 1. පෙර විමර්ශනවලදී ඔහුට එරෙහිව සාක්ෂි නොමැති බව තහවුරු වී ඇත. 2. බුද්ධි අංශයේ තිබූ සියලු අනතුරු ඇඟවීම් ඉහළ පෙළට ලබා දී තිබුණු අතර, ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සියලු දෙනාගේ වගකීමකි – එක පුද්ගලයකුගේ නොවේ. 3. මෙය ජාතික වීරයකුට එරෙහිව එල්ල කරන දේශපාලන උගුලකි. 4. පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් හඳුනාගෙන දඬුවම් කිරීමට නොහැකිව, නිර්දෝෂීන්ට චෝදනා කිරීම නීතියේ හාස්‍යයට එරෙහිවය.
අපි ඉල්ලා සිටින්නේ: සුරේෂ් සලේ මහතාට නිදහස් ලබා දී, සැබෑ අපරාධකරුවන් හඳුනාගැනීමට නීතිය ක්‍රියාත්මක කරන ලෙස! රටේ ආරක්ෂාව රැකගත් වීරයන්ට ආරක්ෂාව ලබා දෙන්න.
පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් හඳුනාගන්න ඕනේ. නමුත් නිර්දෝෂී යුද හමුදාවීරයකුව ඔස්කා රංගනයකට භාජනය කරන්න එපා. සලේ මහතා නිදොස්! ජනතාව එකතු වෙමු!
LTTE නසා රට බේරාගත් වීරයකු දැන් දේශපාලනිකව බලහත්කාරයෙන් රඳවාගෙන තියෙනවා. සුරේෂ් සලේ මහතාට නිදහස....
අධිකරණ වෛද්‍යවරුන් පවසනවා සලේ මහතාට සිය දිවි නසාගැනීමේ අවදානමක් තියෙනවා කියලා. මානව හිමිකම් කොහේද? ඔහුට ආරක්ෂාව දෙන්න!
රට ආරක්ෂා කළ අයට දඬුවම් දෙනවා නම්, ඊළඟට කවුද? සියලුම හිටපු යුද හමුදා නිලධාරීන්ට මෙය අනතුරු ඇඟවීමකි. සලේ මහතාට නිදහස් කරන්න!
පාස්කු මව්වරුන්ගේ කඳුළු අමතක නොකරමු. නමුත් ඔවුන්ගේ දුක දේශපාලන ලාභයට භාවිතා කරන්න එපා. සැබෑ සත්‍යය හොයාගන්න...!
“The Departed” චිත්‍රපටය මතකයට නැඟෙනවාද? සුරේෂ් සලේ මහතා එවැනි බුද්ධි ලෝකයක සටන් කළ වීරයකු! අපේ රටේ බුද්ධි අංශයේ දීර්ඝ කාලීන සේවය කළ, LTTE ත්රස්තවාදයට එරෙහිව අභිමානවත් සටන් කළ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව එල්ල වන්නේ දේශපාලනික පළිගැනීමක බරපතල උගුලකි. මෙය “The Departed” චිත්‍රපටය මෙන් – බුද්ධි නියෝජිතයින් ත්‍රස්ත කණ්ඩායම්වලට ඇතුළු වී කටයුතු කරන විට, පෙනුමෙන් “සම්බන්ධ” ලෙස පෙනුනත් සැබෑ සාක්ෂි නොමැති තත්ත්වයකි. බුද්ධි ක්‍රියාකාරකම් රහස්‍යයි. ත්රස්තවාදීන් සමඟ සම්බන්ධතා පවත්වා ඔවුන්ගේ ගමන නිරීක්ෂණය කිරීම, තොරතුරු ලබාගැනීම යනු බුද්ධි නිලධාරියකුගේ රාජකාරියේ කොටසකි. නමුත් ඒවා “සාක්ෂි” ලෙස හිතුවා ගැනීම දේශපාලනිකව පහාවිච්චි කිරීමකි. පෙර විමර්ශනවලදී සලේ මහතා නිදොස් කොට තිබියදී, දැන් ඔහුව රඳවාගෙන ඇත්තේ රටේ බුද්ධිමය ශක්තිය කඩා වැටීමට හේතුවීමටයි.
බුද්ධි අංශයේ වැඩ කරන අයට ත්රස්තවාදීන් සමඟ සම්බන්ධතා තිබීම සාමාන්‍ය දෙයක්. සාක්ෂි නැතුව ‘සම්බන්ධ’ කියලා චෝදනා කිරීම කතාවක වගේ. සලේ මහතා නිදොස්! රටේ ආරක්ෂාව රකින්න!
මම නම් නොවේ ඔය මෝඩ හෑලි ලියලා තියෙන්නේ...
භානුක සංගක්කාර, ඒ ෆිල්ම් එක ඉංග්‍රීසි නේද? බයියෝ ඔව බලනවද?
ජවිපෙ ආධාකරුවනේ, ඊබ්‍රහිම් (පාස්කු බෝම්බ කරුවන්ගේ පියා) ඔබලගේ 2015 ලැයිස්තුවේ තිබුණේ ඇයි? සලේ මහතාගේ ‘සම්බන්ධතා’ ගැන කතා කරන්න කලින් ඒක ගැන පිළිතුරු දෙන්න...