
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පාවෙන සූර්ය බල ශක්තිය සංවර්ධනය කිරීම සඳහා උපදේශන සේවා සැපයීම වෙනුවෙන් පිළිගත් සමාගම් වලින් යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර 2030 වන විට විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රයන්ගෙන් සපුරා ගැනීම සහ වසර 2050 වන විට විදුලි බල උත්පාදනය කිරීමේදී කාබන් උදාසීන භාවය ළඟා කර ගැනීම ඉලක්ක කර ගනිමින් රජය විසින් පුනර්ජනනීය බල ශක්තිය සංවර්ධනය කිරීම ජාතික ප්‍රමුඛතාවක් වශයෙන් හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, 2026 - 2030 පුනර්ජනනීය බල ශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම මඟින් මධ්‍යස්ථ 10%ක මතුපිට උපයෝජනය මත පදනම් වු මෙගාවොට් 3,000ක ඇස්තමේන්තුගත පාවෙන සූර්ය බල ශක්ති ධාරිතාවක් සහිත විභව ජලාශ ස්ථාන හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව, සූර්ය බල ශක්ති ව්‍යාපෘති සංවර්ධනයේ නව ක්‍රම වේදයක් ලෙස පාවෙන සූර්ය බල ශක්තිය සම්බන්ධයෙන් ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින්, පූර්ව ශක්‍යතා අධ්‍යයන, ශක්‍යතා අධ්‍යයන සහ පාරිසරික බලපෑම් තක්සේරු සිදු කිරීම සඳහා උපදේශන සේවා සැපයීම වෙනුවෙන් පිළිගත් සමාගම් වලින් යෝජනා කැඳවමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සූර්ය බලයෙන් වැඩිපුර වැඩ ගන්න යයි
de silva Wednesday, 13 August 2025 07:19 AM
මොන සුර්ය බල වියාපෘතිය හැදුවත් , සෙනසුරද ඉරිදා එක off කරන්න කියල කියාවි , ඔය පුනර්ජනනී ක්‍රම වලට ඉංජිනේරුවෝ කැමති නැහැ කොමිස් නැතිවෙන නිසා , ඔය මාෆියා ඉංජිනේරුවෝ දැනට පාර්ලිමේන්තුවේ ඉන්න උගතුන්ගේ විශ්ව විද්‍යාලේ යන කාලේ සිට ඉන්න හොඳ යාලුවෝ ඔවුන්ට ආණ්ඩුවට ලින්ක් තිබෙනවා ,