IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සුරාබදු කොමසාරිස් ජනරාල්ට වෘත්තීය සමිතිවල විරෝධය

(යොහාන් භාසුර)

සුරාබදු දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය පරිපාලන සේවය තුළ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියකු පත්කිරීමට විරෝධය පළ කරන බව සුරාබදු වෘත්තිය සමිති එකමුතුව පවසයි.

මෙම තනතුර සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු සිටියදී සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසය ප්‍රථම වරට පරිබාහිර නිලධාරියකු පත් කිරීමට වර්තමාන ආණ්ඩුව පියවර ගෙන ඇති බවද එම වෘත්තිය සමිති එකමුතුව සඳහන් කළේය.

මෙම තනතුරට මීට පෙර සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හෝ රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත් කළ බවත් රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු ප්‍රධාන තනතුරට පත් කිරීම සඳහා මීට පෙර ඇති කරගත් එකඟතාද කඩ කරමින් මෙම තනතුරට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු පත්කිරීම ගැටලුවක් බවත් එම එකමුතුව කීය. 

නව සුරාබදු කොමසාරිස් ජෙනරාල් තනතුර සඳහා දෙපාර්තමේන්තු නිලධාරියකු පත්කරන ලෙස ඉල්ලා සුරාබදු වෘත්තීය සමිති එකමුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ජූලි මස 6 වන දින ලිපියකින් දැනුම් දී තිබේ.

දිගු කලක් තිස්සේ ක්ෂේත්‍රයේ අත්දැකීම් හා පලපුරුද්ද ඇති නිලධාරියකු පත් කිරීම තුළින් සුරාබදු ආදායම් ඉහළ නන්වා ගත හැකි බව ද එහි සඳහන් කර තිබේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා රාජ්‍ය පරිපාලන සේවයෙන් නිලධාරියකු පත් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් කළ විමසීමකදී එම සංගමය පැවසුවේ ඉදිරි දින කිහිපය තුළදී මෙහි පවතින අසාර්ථකත්වය පිළිබඳව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දෙන බවයි.

මේ ආකාරයෙන් සුදුසුකම් නොමැති පුද්ගලයින් ආයතන සඳහා පත්කිරීම හරහා රාජ්‍ය සේවයේ ව්‍යුහය බිඳ වැටෙන බවද ඔවුන් පෙන්වා දෙති.

නව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකි. 



අදහස් (9)

සුරාබදු කොමසාරිස් ජනරාල්ට වෘත්තීය සමිතිවල විරෝධය

මාලිමාපෙන්දා Thursday, 10 July 2025 02:36 PM

මාලිමාකරණය ළමයි... ගණන් ගන්න එපා.

:       4       10

prasanna Thursday, 10 July 2025 02:38 PM

ලොකු අම්මගේ පුතාලු...

:       4       10

පගා පප්පලාගේ බකල ජයා Thursday, 10 July 2025 03:01 PM

දිගු කලක් තිස්සේ, අවුරුදු පනහක් කියමුකෝ, අර ක්‍රමේට පලපුරුද්ද තියෙන අය ඉන්නකොට එලියෙන් දාන එක වැරැදියි තමයි...

:       5       16

ravin Thursday, 10 July 2025 03:40 PM

අලුත් එක්කෙනාගෙන් සුපුරුදු යටිමඩි ගැහිල්ලට පහර වැඩියි නේද?

:       7       14

sene Thursday, 10 July 2025 03:46 PM

වේදිකාවලට නැග්ග ඇයෝට තනතුරු දෙන්නත් එපායෑ. වෙනසක මහිමය...

:       13       16

Lalla Friday, 11 July 2025 12:03 AM

සාධාරණ විරෝධයක් .

:       1       3

ROHAN Friday, 11 July 2025 08:36 AM

පෙන්ෂන් ගිය අය ගෙදරට වෙලා ඉන්න ඕනේ. අයෙත් මොකටද තවත් ජොබ් එකක්, තවත් ප්‍රමෝෂන් දෙන්න ඉන්නවන්නේ? දෙපාර්තමේන්තුව ඇතුලෙම. ගෝඨාත් ඕක තමා කළේ අවුරුදු 2න් ගෙදර ගියේ . ෆෝසස් වල පෙන්ෂන් ගිය අයව ලොකු පොස්ට් දීලා. 26 මෙයා ඉවරයි

:       1       4

යෝගා Friday, 11 July 2025 10:35 AM

අවුරුදු 5 දුවාගන්නත් ෂුවර් නැති එකේ නෑයන්ට, අන්තේවාසිකයන්ට, ගජමිතුරන්ට තනතුරු දෙන්න ඕන කියලා හිතන්න ඇති පචෝරිසා.

:       2       5

අරවින්ද මොණරවිල Friday, 11 July 2025 04:42 PM

සුපුරුදු හොරකම වංචාව කරගෙන යන්න බැරි වෙන බව දැන ගෙනයි ඔය කළබල කරන්නේ...! අපි ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් හැදුවේ ඔය වගේ තැන්වල මහ පරිමාණයෙන් කෙරෙන හොරකම වංචාව නවත්වන්න තමයි. ඒ නිසාම පත්වීම දුන්නේ ඇතුලතින් ද පිටතින් ද කියලා අදාලම නැහැ. වැඩේ හරියට කෙරෙනවා නම් ! ඒවා ප්‍රශ්ණයක් වෙන්නේ හොරුන් හා ඔවුන්ට කුලියට කඩේ යන සුනඛ අප්පුලාට විතරයි....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site