(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ නිලධාරීන් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ විශේෂ අධීක්ෂණ ඒකක පහ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධාන කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද(2) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව කියන සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.
රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද සඳහන් කළේය.
සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිවු දෙනකු මත්ද්‍රව්‍ය තොගයක් පොලිසියට විකුණන්න යද්දි අත්අඩංගුවට ගත්තා. මම ඒ වාර්තා ඔක්කොම පොලිසියෙන් ගෙන්වා ගත්තා. ඒ අනුව ඒ නිලධාරීන් හතර දෙනාගේ වැඩ තහනම් කළා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළබල නැතිව හිටපං ගොයියෝ, සුරාබදු එක විතරක් නොවෙයි රටම ප්‍රතිසංවිධානය කරන්න ප්‍රතිසංස්කරණ කරන්න කාලය ඇවිල්ලා. ඒකට අපි සූදානම් වෙනවා.
අර නොගෙවපු බදු තාම අයකර ගත්තේ නැද්ද? පාර්ලිමෙන්තුවේ දී හම්බ උනාම පොඩ්ඩක් මතක් කරන්න.
රජයේ ජනතාවගේ මුදලින් වැටුප් ලබන හැම නිලධාරීයකුගේම වගකීම හා වගවීම නිරන්තර නියාමනය වන ස්වාධීන කොමිෂන් සභාවක් පූර්ණ බලය සහිතව ස්ථාපනය කර රාජ්‍ය සේවකයන් නිසි මඟට ගතයුතුය. ඒ සඳහා විරුද්ධ වන්නේ වංචාකාරී වංචා දූෂිත නිලධාරීන් පමණයි . හැම පොලිසියකම වගේ බොහො නිලධාරීන්ට මේ චෝදනා ජනතාව එල්ල කරයි.