(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ නිලධාරීන් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීමේ  සිද්ධියෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ විශේෂ අධීක්ෂණ ඒකක පහ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධාන කිරීමට  සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද(2)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව කියන සුරා බදු  දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිවු  දෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.

රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද සඳහන් කළේය.

සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිවු  දෙනකු මත්ද්‍රව්‍ය තොගයක් පොලිසියට විකුණන්න යද්දි  අත්අඩංගුවට ගත්තා. මම ඒ වාර්තා ඔක්කොම  පොලිසියෙන් ගෙන්වා ගත්තා. ඒ අනුව ඒ නිලධාරීන් හතර දෙනාගේ වැඩ තහනම් කළා.