IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සිරකරු මගඩි මඩින්න ප්‍රතිභාගෙන් යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ)

සිරකරුවන් සම්බන්ධයෙන් වන අනීතික ක්‍රියා වැළැක්වීමේ පියවරක් ලෙස  දිවයින පුරා බන්ධනාගාරවල සිටින සිරකරුවන්  සම්බන්ධයෙන් නිශ්චිත ඩිජිටල් දත්ත පද්ධතියක් වහාම ස්ථාපනය කරන්නැයි  මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා  මහතා ඉල්ලීමක් කරයි

ලෝකයේ වෙනත් රටවල  එවැනි පැහැදිලි දත්ත පද්ධතියක් ස්ථාපනය කර තිබෙන  බවද  හෙතෙම  සඳහන් කළේය.

එවිට ඕනෑම අත්‍යාංශයකට එම දත්ත පැහැදිලිව ලබාගත හැකි වනු ඇති බව පැවසූ  මහානාමහේවා  මහතා ජනාධිපති කාර්යාලය  අධිකරණ අමාත්‍යාංශය අද පිළිගන්නේ බන්ධනාගාර අධිකාරිවරයා දෙන සිරකරු වාර්තාව බවද ප්‍රකාශ කළේය.

සිරකරු සමාව ලබාදීම සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් පළ කළේය

බොහෝ විට මරණ දඬුව වැනි බරපතළ වැරදිවලට වරදකරුවන් වූ පුදගලයන් හට ජනාධිපති සමාව හිමි වන අතර දඩ ගෙවා ගත නොහැකි, සුළු වැරදි සඳහා සිරගත වූ හෝ යහපත් කල් ක්‍රියාව අනුව පොදු සමාව ලබා දීමේ ක්‍රමවේදයක්ද මෙරට ක්‍රියාත්මක වෙනවා

බන්ධනාගර ආඥා පනත යටතේ පොදු සමාවක් දෙනවා. ඒකත් බන්ධනාගාර අධිකාරීවරයා  යවන්න ඕනේ අධිකරණ අමාත්‍යංශයට. ඒ නඩු වාර්තා ඔක්කකොම එක්ක.  ඒ ඔක්කොම බලලා නැවත නීතිපතිවරයාගෙන් විමසලා, අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ සහිතව ඒක යවන්න ඕනේ ජනාධිපතිවරයාට. නැවත ජනාධිපතිවරයා බලලා එවන්න ඕනේ. ඉතින් මේ විදිහට නිදහස ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවත්, සම්ප්‍රදායානුකූලවත් ක්‍රියාත්මක වෙච්ච එකක්.

මරණ දඬුවම, අධිකරණයට අපහාස කිරීම, ස්ත්‍රී දූෂණ වගේ ඒවායේදී එක් කෙනෙකුට, දෙන්නෙකුට තමයි මෙතක් කල් ජනාධිපති සමාව දීලා තියෙන්නේ. පොදු සමාව තුන් සියයකට  හාර සියයකට ලැබෙන දෙයක්.  එතකොට අර වගේ බරපතළ තත්වයකට යන්න බැහැ නේ. ජනාධිපති සමාව සහ පොදු සමාව අතර වෙනස්කම  එ් විදියයි.

ජනාධිපති සමාව ලබා දීමට ඇති නිර්ණායක පිළිබඳව ව්‍යවස්ථාවේ සඳහන්ව නැහැ. එහෙත් පොදු සමාව ලබා දීමේදී බන්ධනාගාර දෙපාර්තුමේන්තුව  යම් නිර්ණායක අනුගමනය කරනවා

1978 ව්‍යවස්ථාවේ 34 - 1,2,3 හි  තමයි සමාව දීම තියෙන්නේ. මේකේ කිසි ම නිර්ණායකයක් මේ මේ වගේ වෙන්න ඕනේ කියලා නෑ. එකම දේ නීත්‍යනුකූල කොන්දේසි මත සමාව දෙන්න පුළුවන්නේ. අන්න ඒ වගේ එකක් තමයි මෙතනදී කියවෙන්නේ. එකම වරදට තුන් හතර දෙනකු  සම්බන්ධ වෙලා තියෙන අවස්ථා තියෙන්න පුළුවන්නේ. එවැනි අවස්ථාවක ප්‍රධාන වරදකරුවන් කීප දෙනෙකු  හරි, අපරාධ සහායකයෙකුට හරි සමාව දෙන්න පුළුවන්. ඒ හැර ව්‍යවස්ථාවේ නිර්ණායක නැහැ.



අදහස් (4)

සිරකරු මගඩි මඩින්න ප්‍රතිභාගෙන් යෝජනාවක්

Lal Thursday, 12 June 2025 02:04 PM

ලංකාවේ "පැරොල් බෝඩ්" එකක් නැද්ද?

:       0       2

PGPTHILAK Thursday, 12 June 2025 04:22 PM

මෙයාගෙ උපදෙස් ආණ්ඩුව තවත් අමාරුවේ දමන උපදෙස් වෙන්න පුලූවන්! මොකද මෙයා රාජපස්ස පිල්ලියක් බව හැමෝම දන්නවනේ!!

:       5       10

රුවන් Friday, 13 June 2025 08:30 AM

ඇයි මෙයාට අධිකරණ ඇමැතිකම දෙන්නේ නැත්තේ .මෙයත් අර විජේදාස මහත්තයාගේ අනික ...

:       0       1

රුවන් Friday, 13 June 2025 02:06 PM

2005-2014/2019-2022 කාලය තුළ මෙයගේ හොදම යාලුවෝ රට පාලනය කරා, එදා ඕක මතක් වුනේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site