IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


සමනල කන්දේ ගින්න නිවන්න ගුවන් හමුදාව කැඳවයි

(රංජිත් රාජපක්ෂ)

නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි වතුයායේ සමනල ස්භාවික රක්ෂිතයේ හටගත් ගින්න අද සවස් වන විට රක්ෂිතයේ කඳුමුදුණ දක්වා පැතිර ගොස් ඇති අතර ගින්න පැතිරිම නැවැත්වීම සඳහා ගුවන් හමුදා සහාය ද ලැබුණු බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.පි.එස්.විරසේකර මහතා පැවසිය.

වේගයෙන් පැතිර යන ගින්න පාලනය කිරිමට ලක්ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිස්, හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින්, නල්ලතන්නිය පොලිසියේ නිලධාරින්ට අමතර  සවස් වන විට ගුවන් හමුදා හෙළිකොප්ටරවල සහාය ගැනීමට කටයුතු කළ බව නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමීර ගම්ලත් මහතා කියා සිටියේය.

මෙම ගින්න ඊයේ (23) පස්වරුවේ හටගත් අතර එය රක්ෂිතයේ කදු මුදුණ දක්වා පැතිර ගොස් ඇති බවත්, මේ වන විට රක්ෂිතය තුළ ගිනි පටි සකස් කිරිමට පියවර ගත් බව හැටන් වන අඩවි කාර්යාලයේ වන අඩවි නිලධාරි වි.ජේ.රුක්ෂාන් මහතා පැවසිය.

 



අදහස් (2)

සමනල කන්දේ ගින්න නිවන්න ගුවන් හමුදාව කැඳවයි

Saman Monday, 24 February 2025 08:11 PM

මට නම් ඉතාම කණගාටුයි මේ ලංකාවේ මිනිස්සු ගැන. ලැව්ගිනි ඇතිවෙන්න තරම් වියළි රටක් නොවේ මේක. කඳුකරයේ යම් සංවිධානාත්මක කල්ලියක් මේක කරනවා දැයි සොයා බැලිය යුතුයි. දැන් තිබෙන පාණ්ඩුවට ඒක කරන්න පුළුවන් ද කියලා මට නම් සැකයි...

:       7       17

සිල්වා Tuesday, 25 February 2025 10:38 AM

හනුමා ලංකාව ගිනිතැබුවා වගේ නොවේවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 829 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1776 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site