(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා විශේෂ ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (22) දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය. කතාවරයාවරයා සභාවේ කටයුතු ආරම්භයේදී මෙම තීරණය දැනුම් දුන්නේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.