IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සදාහරිත, මැලේසියාව සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයකට

වසර 22කට වඩා වාණිජ වන වගාවේ අත්දැකීම් බහුල, අගාවුඩ් ඇතුළු නැවුම් හරිත ආයෝ​ජ​න සැලසුම් ශ්‍රී ලංකාවට හදුන්වා දුන්  Sadaharitha Plantations Limited (සදාහරිත) සමාගම, ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මැලේසියාවේ අගාවුඩ් වගාකර​න සමාග​ම් සමඟ පසුගියදා  තාක්ෂණීක හවුල්කාරීත්වයකට එළැඹිණි. ඒ, අගාවුඩ් ශාකයේ අස්වැන්​න වැඩිකර ගැනීමට යොදාගන්නා “SP Tech” තාක්ෂණය බෙදා ගැනීමට සහ අලෙවිය සඳහා ය.

වසර ගණනාවක් පුරා සිදු කරන ලද දැඩි පර්යේෂණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස දියුණු කරන ලද මෙම තාක්ෂණය, ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් අගාවුඩ් ශාකවල ඵලදාව ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර​නු ලැබුව​කි. මෙම ගිවිසුමට අනුව ආරම්භයේ දී, වාර්ෂිකව අගාවුඩ් ශාක මිලියනය​ක් මෙම තාක්ෂණය භාවිතයෙන් එන්නත්කරණය (ආමුකූලනය) සිදුකරනු ලබන අතර, එයට සමගාමීව මැලේසියාවේ ප්‍රාන්තයන් තුනක නව අගාවුඩ් නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කිරීමට ද කටයුතු කරමින් තිබේ.

සදාහරිත සමාගම​ට පමණක් නොව ශ්‍රී ලංකාවේ වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ද විශාල ජයග්‍රහණයක් සනිටුහන් කරමින් මෙම ගිවිසුමට පසුගියදා මැලේසියාවේදී අත්සන් තබන ලදී. ඒ අනුව, වර්ෂ 2028 වනවිට මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ වර්ධනය වෙමින් පවතින අගාවුඩ් තෙල් ඉල්ලු‍මෙන් සියයට 30 දක්වා සපුරාලීමට අපේක්ෂා කෙරේ.

මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය, ජාත්‍යන්තර හවුල්කරුවන් සදාහරිත කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව තහවුරු කිරීමක් වන අතරම, අගාවුඩ් කර්මාන්තයේ පුරෝගාමියකු ලෙස සමාගම ලද සුවිශේ​ෂී ජයග්‍රහණයකි. සදාහරිත සමාගමේ මෙම නව “SP Tech”තාක්ෂණය මගින් අගාවුඞ් අස්වැන්න වැඩි කිරීමක් වන අතර උසස් තත්වයේ අගාවුඩ් නිෂ්පාදන සඳහා වන ගෝලීය ඉල්ලු‍ම සපුරාලීමට​ද මහගු පිටිවහලක් සපයන බව ද මෙහිදී පෙන්වා දිය හැකිය.

මෙම ජයග්‍රහණය සමාගමේ තිරසාර වාණිජ වන වගා භාවිතයන් සහ හරිත ආයෝජන සඳහා වන දිගුකාලීන කැපවීම් වල ප්‍ර​ති​ඵලයක් වන අතර, දැනට ශ්‍රී ලංකාවේ අගාවුඩ් ශාක මිලියනයකට වඩා රෝපණය කර දේශීය සහ විදේශීය පාරිභෝගිකයන් 47,000 කට වැඩි ප්‍රමාණයකට සදාහරිත සමාගම සිය සේවාව සපයා දී තිබේ.

(සී.මුණසිංහ)



අදහස් (0)

සදාහරිත, මැලේසියාව සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site