IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාව තවමත් සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන්

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකාව තවමත් ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් සිටින රටක් බව සෞඛ්‍ය හා කර්මානත් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස අනෙකුත් අංශ සමඟ සහයෝගීතාවයෙන් මෙම තත්ත්වය  යහපත් කර ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සුමිත්‍රයෝ ආයතනය පිහිටුවා වසර 50 ක් පිරීම නිමිත්තෙන් කොළඹ රාමඩා හෝටලයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

1996 – 1997 වර්ෂ වලදී ශ්‍රී ලංකාව ලෝකයේ සියදිවි නසා ගැනීම් වැඩිම රටක් ලෙස පැවතුණු බවත් වර්තමානය වන විට එම තත්වය යහපත් වූවත්, තවමත් රට සතුටුදායක මට්ටමක නොමැති බවත් අමාත්‍යවරයා කීවේය.

සියදිවි නසා ගැනීම සදහා විශේෂයෙන්ම බලපාන හේතු සාධක ගණනාවක් තිබෙන බවත් එම තත්වයන් හඳුනා ගනිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු තවදුරටත් පැවසීය.

 



අදහස් (2)

ශ්‍රී ලංකාව තවමත් සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන්

Gimhan Friday, 12 July 2024 06:13 PM

සියදිවි නසාගන්න නෙවෙයි උඹලව මරාගෙන මැරෙන්නයි හිතිලා තියෙන්නේ

:       0       2

සෙනෙවිරත්න Saturday, 13 July 2024 02:28 PM

මේ පින්බිමේම නැවත උපදින අදහසින් වෙන්න ඇති...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site