
(අංජුල මහික වීරරත්න)
වී සඳහා රජය සහතික මිලක් නියම කරන්නේ වෙළෙඳපොළේ වී මිල අඩු වීමට ආරම්භ වන අවස්ථාවේදී බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මේ අවස්ථාවේදී රජයට වී ලබා දීම නොව පෞද්ගලික අංශයට වී ලබා දීම ගොවියාට වාසි සහගත බවද අමාත්‍යවරයා කීය.
"අපිට අවශ්‍ය කරන්නේ ගොවියාට සහ පාරිභෝගිකයාට යන දෙන්නාටම සහන සැලසෙන ලෙස රජය මැදිහත් වෙලා මිල යම් ප්‍රමාණයකට පාලනය කරගෙන තියාගෙන ඉන්න එකයි. අපේ මැදිහත්වීමෙන් ගොවියාට අසාධාරණයක් නොවිය යුතුයි, පාරිභෝගිකයාටත් අසාධාරණයක් නොවිය යුතුයි" යනුවෙන් ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් මේ කියන්නේ රෙදි ඇදගෙනද? ගොවියා මැසිවිලි නගනවා තමන්ගේ වී ටික හරි මිලක් ලැබෙන්නේ නැ මෝල් හිමියෝ තුට්ටු දෙකට වී ටික ගන්නේ කියලා