IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වෙලේ සුදාගේ මල්ලී සොයා පොලිස් කණ්ඩායම් දෙකක්

(ගයාන් සූරියආරච්චි, ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බඩෝවිට ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු තියුණු ආයුධකින් තුවාල කර පලාගොස් සිටින වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 2 ක් විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසිය.

 ඒ අනුව ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් සහ දෙහිවල පොලිසියේ පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදුකරයි.

 මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සැකකරුවකු පැමිණෙන බවට පොලිසියට ලද තොරතුරකට අනුව බඩෝවිට පොලිස් මුරපොළේ රාජකාරී කරමින් සිටි ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවකු පරීක්ෂා කර ඇත.

 අනතුරුව එම සැකකරු දැනට සිරදඩුවම් විදින සමන් කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තාගේ සහෝදරයා බවට පොලිසිය තොරතුරු අනාවරණය කර ගෙන තිබුණි.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පලායාමට සූදානම්වීමේදී කොස්තාපල්වරයකු ඔහු අල්ලා ගැනීමට යාමේදී ඇති වූ පොර බැදීමකදී සැකකරු සන්තකයේ තිබූ තියුණු ආයුධයකින් කොස්තාපල්වරයකුගේ උදරය සහ අත කැපීමට ලක්ව තිබූ බවත් තුවාල ලැබූ කොස්තාපල්වරයා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය පැවැසීය.

 සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ  (15) බඩෝවිට 3 වැනි අදියර ප්‍රදේශය පොලිසිය වටලා තිබූ අතර කෙසේ වෙතත් සැකකරු පොලිසිය මගහරිමින් පලාගොස් තිබූ බව පොලිසිය කියයි.

කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.



අදහස් (1)

වෙලේ සුදාගේ මල්ලී සොයා පොලිස් කණ්ඩායම් දෙකක්

Ashvida Monday, 17 March 2025 09:03 AM

අනේ අඩු තරමේ මෙයාවවත් අල්ලන්ඩකෝ නැත්නම් මේක දැන් පුරුද්දට යනවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site