IMG-LOGO

වී ගබඩා අඩුපාඩු නසන්න ත්‍රිවිධ හමුදා තාක්ෂණික සහය

(ගයාන් සූරියආරච්චි)

මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සහ වී අලෙවි මණ්ඩලය, සතොස සතු අඩුපාඩුකම් සහිත ගබඩා අලුත්වැඩියා කිරීමට ත්‍රිවිධ හමුදා තාක්‍ෂණික දැනුම හා ශ්‍රම දායකත්වය ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණ සාකච්ඡාවක් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් Anchorපෙරේදා (16) කොළඹ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ දී පැවැත්විණ.

ගබඩාවල පවතින අලුත්වැඩියා කටයුතු මේ මස අවසන්වීමට පෙර නිමකරන ලෙසත් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම මහකන්නයේ වී මිලදී ගැනීමෙන් අනතුරුව එම ගබඩා පරිශ්‍රවලට ආරක්‍ෂාව සැපයීමටත් ආරක්‍ෂක අමාත්‍යාංශය සිය එකඟතාවය පළකර ඇත.

දිවයින පුරා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 209 පවතින අතර සතොස සතුව ගබඩා 12 ක ප්‍රමාණයක් පවතී.

මෙම අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා, වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය එ එල් රාජගුරු මහතා, කලාප කළමණාකරුවන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්‍ෂ ජනරාල් - ප්‍රධාන මාණ්ඩලික, මේජර් ජෙනරල් දිනේෂ් උඩුගම ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

 



අදහස් (1)

වී ගබඩා අඩුපාඩු නසන්න ත්‍රිවිධ හමුදා තාක්ෂණික සහය

රම්බොඩ Friday, 17 January 2025 04:16 PM

තම පටු දේශපාලන අභිප්‍රායයන් සාක්ෂාත් කර ගැනීම උදෙසා බලය නැති වකවානුවල ත්‍රිවිධ හමුදාවන් යම් යම් ක්‍රියාවන් කරනකොට බොහෝ විවේචනය කරපු ජන කොටසක් තමයි මාලිමාව කියන්නේ... දැන් ඔවුන්ගේ කාලයේ ඒවා හොඳයි. බලය නැති කළ පට්ට කෙබර ඇද බාන්නේ නැතිව ඉන්න දැනගන්න ඕනෑ හැම කෙනෙක්ම...!

:       20       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 84 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 639 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site