
(විමුක්ති එස් රුද්‍රිගු)
දේශපාලන වරදාන ලෙස මහ කොමසාරිස් ධුර සහ තානාපති ධුර පිරිනැමීමේ දීර්ඝ සහ අතිශය කණගාටුදායක සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යමින් විදේශ සේවය සඳහා ජාතික ජන බලවේග රජය දේශපාලන පත්වීම් ලබාදීම සිය සංගමයේ පමණක් නොව මුළු රටේම කණස්සල්ලට හේතුවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පැවැසුවේය.
ජාතික ජන බලවේග රජය පත්වන අවස්ථාවේ අතිශය කණගාටුදායක එම සම්ප්‍රදාය අවසන් වනු ඇතැයි තම සංගමය විශ්වාස කළත් නව රජයද එම සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යන බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සඳහන් කළේය.
ජාතික ජන බලවේග 2024 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ, " විදේශ සේවය නිර්දේශපාලනීකරණය කිරීම සඳහා කුසලතා මත පදනම්ව පත් කිරීම් සිදුකිරීමට වහා ක්‍රියා මාර්ග ගත යුතුයි" ලෙස සටහන්ව තිබුණත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය උල්ලංඝනය කරමින් රජය විදේශ සේවය සඳහා දේශපාලන පත්කිරීම් සිදු කිරීම තැති ගන්වන සුළු බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පසුගියදා ප්‍රකාශ කළේය.
විදේශයන්හි පිහිටි මෙරට මහ කොමසාරිස්, තානාපති කාර්යාලවල පුරප්පාඩු වී තිබූ තානාපති, මහා කොමසාරිස් ධුර රැසකට වෘත්තීමයභාවයේ, කුසලතා මත පදනම්ව පත් කිරීමේ සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණතාවේ පිළිගත් සම්මතයන් නොසළකා හරිමින් විදේශ සේවයෙන් බැහැරව මෑතකදී පත්වීම් සිදුකර ඇති බව එම සංගමය පැවැසුවේය.
ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සිය ජීවිතය කැප කළ, අත්දැකීම් බහුල, ඉහළ සුදුසුකම්වලින් යුත් වෘත්තීමය විදේශ සේවා නිලධාරීන් නොසළකා හැර කරන ලද මෙම පත්වීම් සම්බන්ධයෙන් දැඩි කළකිරීමකින් පසුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය කීය.
එවැනි නිලධාරීන් නොසළකා හරිමින් දේශපාලන පත්වීම් ලබාදීම විදේශ සේවය මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරත්වය අනතුරේ හෙළන බවද එම සංගමය ප්‍රකාශ කළේය.
දිගින් දිගටම ජාතික ජන බලවේග රජය විදේශ සේවය සඳහා දේශපාලන පත් කිරීම් සිදු කිරීම තුලින් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ඒකාග්‍රතාවය අනතුරේ හෙළන බවත් පළපුරුදු විදේශ සේවයට කැපවූ නිලධාරීන් අධෛර්යයට පත් කරන බවත් විදේශ සේවා සංගමය පැවැසුවේය.
ඒ හේතුවෙන් ලබාදී ඇති සියලු දේශපාලන පත්වීම් යළි සළකා බලන ලෙස සහ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය ප්‍රකාශ කළේය.
COMMENTS
මී හරක් 68 ලක්ෂය දැන් සරමෙන් මූණ වහගන්න
ආන්ඩුව නිදේශපාලනීකරනය උවත් නිලධාරින් දේශපාලකයින්ට උල්පන්දම් දෙමින් වරදාන, වරප්‍රසාද ගැනීමට ඔවුන්ගේ රජකාරීන් මග හැර ආන්ඩුව කඩාබිඳ දැමීමට උත්සාහ දැරිය හැකි බව මගේ පෞද්ගලික අදහස වේ. එමනිසා විදේශ සේවය පිළිබඳව දැනුම ඇති විශ්වාසනීය අයවලුන් පත් කිරීම සුදුසු බව යෝජනා කරමි...
විපස්සනා භාවනාව ජේ.වී. ආණ්ඩුවේ උන් යන යන තැන බාල්දි පිටින් ඇදගෙන නං නානවා. ඒ නාගන්නේ වැසිකිලි වලකින් කියලාවත් දන්නේ නෑ. මේ වගේ උපන් ගෙයි කැත කරගත්ත බොරු කාරයෝ ටිකක් මොන ආණ්ඩුවක වත් හිටියේ නෑ. එහෙන් රුපියල ආයෙත් බාල්දු වෙනවා. ඩොලරය ඉහළ යනවා. රනිල් හදලා දීලා ගිය සංචිත දිගින් දිගටම පහළට යනවා. කොටස් වෙළඳ පොළත් ආයෙත් පහළට යනවා. මිනිස්සුන්ට කන්න බොන්න නැතුව යනවා. තෙල් ප්‍රශ්නේ යට ගහහෙන ඉන්නවා. ඒ මදිවාට දැන් ඥාති හිත මිත්‍ර, පිටරට ඉන්න ත්‍රස්තවාදීන්ට තානාපති කම් දෙන්නත් පටන් අරන්. හැබැයි ඉතින් ඉල්ලන් කාපු එකේ ඔන්න ඔහොම ගියාවේ...
දැන් ඇත්තේ දේශපාලනීකරණය නොව අතිශය මාලිමාකරණයයි. එය අතිභයානක ලෙස ව්‍යාප්ත වෙමින් පවතින වගක් පෙනේ.. පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ විශේකාර්ය්‍ය බලකායද මීට නතු වී ඇති වග පුවත්වලින් පෙනේ. මෙපමණ කලක් නොතිබුණු දැඩි අන්තගාමී ගතියන් දක්නට ඇත. බලා සිටිමු.
අනේ ඇති රතු... ඔක්කොම දන්නවා දැන් මොකද වෙන්නේ කියලා...
වමට සිග්නල් දමා දකුණට හැරවීම කියන්නේ ඕකට තමයි. තවම පටන්ගත්තා පමණයි.
හිනා යනවා. ගිය ආණ්ඩුවේ පත් කිරීම් දේශපාලන පත්කිරීම් සහ සුදුසුකම් නැති අය විදේශ සේවයේ ඉන්නවා කියලා ඒ පත්කිරීම් අවලංගු කරපු ආණ්ඩුවටම එම චෝදනාවම එල්ලවීම. මාස 6ක් වත් ගියේ නැහැනේ! මේ ආණ්ඩුවටත් කයිය විතරයි වැඩ බැහැ...
ඉතින් කවුද එහෙම පත්වෙලා ගිය අය..? නමත් එක්කම ඔයාලගේ කණස්සල්ල ප්‍රකාශ කරන්න ඕනෑ. ඔය සංගමේ ඉන්න අයව එවලා නැද්ද?
ඇයි නම් ගම් නැත්තේ...? අපි දන්නා විදිහට මෙහෙට ගෙන්නලා තියෙන හොරු ටික තමයි, මේ සංගම් හදාගෙන ඉන්නේ. මෙචර දවස් නිදියගෙනද හිටියේ?