IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පරිගණක සැළසුම් ශිල්පියා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කළුතර දකුණ ප්‍රදේශයේ  පුද්ගලික ආයතනයකට  ව්‍යාජ මුදල්  ලබාදී භාණ්ඩ ලබා ගැනීමට උත්සහ දැරූ පරිගණක සැලසුම් ශිල්පියෙක්    ව්‍යාජ මුදල් නෝට්ටු කීපයක් සමග අත්අඩංගුවට ගත් බව කලුතර දකුණ පොලිසිය කියයි 

සැකකරු සන්තකයේ තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සහ රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් සොයාගෙන ඇත 

ආහාර නිෂ්පාදන  අළෙවි කරන ආයතනයකට පැමිණ තිබූ මෙම පුද්ගලයා රුපියල් 1000 දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් දී ආහාර කීපයක් ඉල්ලූම් කර  තිබූ අතර ඔහු  ලබා දුන් මුදල් නෝට්ටුව සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත  රඳවා ගැනීමෙන් අනතුරුව පොලීසියට කල දැනුම්දීමක් මත පැමිණි පොලිස් නිලධාරීන්  සිදු කළ පරික්ෂාවේදී සැකකරු සන්තකේ තිබී  තවත් ව්‍යාජ රුපියල් රුපියල් පන්දහසේ නෝට්ටු දෙකක් තිබී හමු වූ බව පොලිසිය කියයි 

සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී ඔහු සේවය කරන කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක දී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බවට අනාවරණ වූ බව පොලිසිය කියයි 

 සැකකරු  වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත. 46 හැවිරිදි සැකකරු කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .කළුතර දකුණ  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත්  ශාන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි

 



අදහස් (0)

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පරිගණක සැළසුම් ශිල්පියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 560 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site