(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රිමාන්ඩ් භාරයේ සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර සිටි ත්‍රස්තවාදීන් යැයි විමර්ශන වලින් පෙනී ගොස් තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි පිළිබඳව විපක්ෂ නායකවරයා අදහස් දැක්වූ බවත් සාමාන්‍ය අරගලකරුවන් අතර ත්‍රස්තවාදීන් ද සිටි බව විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළ බවත් ටිරාන් අලස් මහතා කීය.
විමර්ශන අනුව පෙනී යන්නේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි මේ අය ත්‍රස්තවාදීන් පිරිසට අයත් අතර ඔවුන් සාමාන්‍ය අරගලකරුවන් නොවේ යැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.
සාමාන්‍ය අරගලකරුවන් තමා සමඟ දැනටත් කතා කරන බවද අන්තිමට ඒ අය ගෝල්පේස් එකෙන් එළියට විසිවෙලා මේ අය ගෝල්ෆේස් එක අතට ගත්තා යැයි ද ටිරාන් අලස් මහතා කීය.
දැනට විමර්ශන කරගෙන යන අතර හෙට අනිද්දා ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වේවි යැයිද මේ අයට මුදල් වියදම් කළ අය හෝටල්වල ඉන්න සල්ලි ගෙව්වේ කවුද? ආදී ලොකු නම් එලියට ඒවි යැයි ටිරන් අලස් මහතා පැවසීය.
ඇමැති ධුරයේ සිටින තුරු තමාට බාරදුන් වගකීම හරියාකාරව ඉටු කරන බව කී මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිසියේ ඒ වගකීම ඉටු කරන්න කැමති නැති අය ඉන්නවා නම් යන්න පුළුවන් බවද කීය.
සියලු ප්‍රශ්න ඇති කරන්නේ පෙරටුගාමී පිරිස බවද ඒ කට්ටියට තදින්ම ක්‍රියාත්මක වෙන අතර ඒකෙ වචන දෙකක් නැතැයි ද කිසිම හේතුවකට එය වෙනස් නොකරන බවද ටිරාන් අලස් මහතා කීය.
COMMENTS
පිනට ඇමතිකමක් අරන් මෙයාට තියෙන බලය.
එතකොට ඔයා කවුද ? බිලියන ගානක් බැංකු වලට කණු තියපු හොරෙක් නේද
අනේ නිකන් යන්න මහත්තයෝ යන්න.
LTTE එකට සල්ලි දීපු දේශද්‍රෝහී ත්‍රස්ථවාදියා කව්ද?
ආරක්ෂක ඇමතිතුමනි, ඔබ ත්‍රස්තවාදියා යන්න නිර්වචනය කරන්නේ කෙසේද?
ඔයා හොඳට දන්නවානේ ත්‍රස්තවාදීන් කියන්නේ මොන වගේ අයද කියලා.
ඔක්කොමට කලින් මෙයාට එරහිව ත්‍රස්ත මර්දන පනත යටතේ නීතිය ක්‍රයාත්මක කලයුතුයි. 2005 දී මහින්ද දිනවන්න උතුරේ චන්ද වර්ජනය කරන්න කොටි ත්‍රස්තයන්ට මුදල් දෙන්න මෙයා කපුකම් කලයි කියල මෙයාම කිව්වා. එහම නම්, ත්‍රස්ත මර්දන පනත යටතේ මෙයාට එරහිව නීතිය ක්‍රයාත්මක කලයුතුයි නේද.
ඔහොම යන්කො මහත්තයෝ.
ත්‍රස්තවාදී අපත ජෙප්පනුත් කුලප්පු වෙලා. මොවුන් වුවමනාවෙන්ම අමතක කරනවා. මේ අයට අනුව පොලිසිවලට පහර දීම, අහිංසක මිනිස්සුන් මැරීම... ගෙවල් ගිනිතැබීම, අහිංසක මිනිස්සුන්ගේ දේපළ මංකොල්ල කෑම... පැහැරගෙන ගොස් මරාදැමීම... මේවා ප්‍රජාතන්ත්‍රවාදීද?