
(අංජුල මහික වීරරත්න)
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පී. බී.ටර්නි ප්‍රදීප් කුමාර මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත් කළ යුතුව ඇති අතර, ඒ සඳහා රුහුණ විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යා හා සමුද්‍ර භූ විද්‍යා අධ්‍යයන පීඨයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා සුදුසු බවට හඳුනා ගෙන තිබේ.
ඔහු වසර දෙකක කාලයක් සඳහා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙරළ ගොඩක් අපිරිසිදු වෙලා. ලස්සනට තිබුණු ගල්කිස්ස වෙරළ ගන්න දෙයක් නෑ. තනිකරම ජරාව... කසල ගොඩක්. ඉන්ජෙක්ෂන් කටුත් තියෙනවා.. මේවා ආරක්ෂා කර නොගත්තොත් සංචාරක රැල්ල ආපහු හැරෙන්න වැඩි කලක් නැතිවේවි..