IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


වරප්‍රසාද ඉල්ලන සටනට රනිලුත් නෑ

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට එරෙහිව අධිකරණයට නොයන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ ක්‍රියාකාරීන්ට පසුගියදා  දැනුම් දී ඇතැයි වාර්තාවේ

එසේම වරප්‍රසාද අහිමි කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් සමග කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා නොකළ බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරුන්  පසුගිය දිනවල ස්ථාන දෙකකදී හමු වූ අවස්ථාවේදී තමා සමග මේ ගැන යම් යම් අදහස් ප්‍රකාශ කළ බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත්  සඳහන් කර ඇත.



අදහස් (11)

වරප්‍රසාද ඉල්ලන සටනට රනිලුත් නෑ

අනේසිරි Saturday, 16 August 2025 02:06 PM

හිටං හුටන්ට ආයේ තොප්පියක්...! මේ මනුස්සයාට විශ්‍රාම සුවෙන් ඉන්න දීපල්ලා බං...!

:       5       37

ජිල්බු Saturday, 16 August 2025 02:24 PM

මනුස්සයා? කව්ද මෙතැන මනුස්සයා?

:       13       31

කපුරුහාමි Saturday, 16 August 2025 02:17 PM

රනිල් නම් පින් ජනපති. කිසිම ජනාධිපති කෙනෙකුට වරප්‍රසාද, වරදාන කිසිවක් නොදිය යුතූයි. බලයේ හිටපු කාලේ සියලු වරප්‍රසාද වරදාන බුක්ති විඳගෙන පවුල් පිටින් සුවසේ සැපසේ ජීවත් වුණා. මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා පරම්පරා ගානකට ඇතිවෙන්න යහමින් හරිහම්බ කරගත්තා. ජනතාව රවට්ටපු , රීරී මාන්ස හූරාගෙන කාපු දූෂිත දේසපාලුවන්ට තවත් මොන වරප්‍රසාදද?

:       25       53

ravin Saturday, 16 August 2025 02:51 PM

අන්න දැම්මා... කකුල් මාට්ටුව... කොහොමද ගුලිය...?

:       6       33

Nimal 1 Saturday, 16 August 2025 03:54 PM

මෙයා නම් ජනාධිපති පුටුවේ සිටින කාලේ තමයි තමන්ගේ ගෝලයින්ට අත්වෙන වරප්‍රසාද ලබාගත්තේ...

:       3       20

Hafeel Saturday, 16 August 2025 04:07 PM

ඔව් මේ වරප්‍රසාද නඩුවට ඉදිරිපත් වෙන්න බැහැනේ... මොකක්ද තමන්ගේ බිරිඳගේ පුද්ගලික සංචාරයක් සඳහා මහජන මුදල් එක්කෝටි 69 ලක්ෂය වියදම් කරමින් එංගලන්ත සංචාරයේ නඩුවට ඉදිරියේදී මුහුණ දෙන්න තියෙනවනේ...

:       9       22

ගුණරත්න Sunday, 17 August 2025 08:21 AM

හෆීල් මහත්තයා නොදන්නවා වුණාට ජනාධිපති පෞද්ගලික සංචාරයක් ගියත් එක රටේ ජනාධිපති යන සංචාරයක්. ආරාධිත රටෙන් වියදම දරන්නේ නැත්නම් ජනාධිපති සංචාරේ වියදම දරන්නේ ජනාධිපති අයත් රටෙන්. ඉතින් ඔතැන කිසිම වැරැද්දක් වෙලා නැහැ...

:       3       1

piyaljayarathna Randeniya Saturday, 16 August 2025 07:36 PM

බලය ඇති කාලයේ පරිවාර නඩ එක්කම දෙව්ලොව සැප විඳලා මදිවාට සුපිරියටම හොරා කාලා රට බිමටම පතබාවලා පස්ගොඩේ ඇදගෙනත් ගියපු මුන්දැලා වරප්‍රසාදත් ඉල්ලන්න නම් රෙදි නැතිව තමයි එන්න ඕනේ...

:       7       19

Perera Sunday, 17 August 2025 02:40 AM

ඉතුරුවෙලා ඉන්න අය නඩුවට කළින් සිහිවටන පාටියක් දාවිද?

:       1       2

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Sunday, 17 August 2025 12:08 PM

පිං ජනාලට මොන වරප්‍රසාද යකඩෝ? අර පාරේ යන පිනට අත ඇරපු ගොන්නුගේ තට්ටන් දෙකේ ගහන "පිං" අකුරු දෙක ගහන වරප්‍රසාදෙට නම් අපි පක්ෂයි ඕන්...

:       1       5

Nishan Monday, 18 August 2025 04:15 AM

උඩින් ලියපු නූගත් ජෙප්පෝ දන්නේ නෑ... මෙතුමා කිසි දිනෙක තමුන්ගේ පඩි, දීමනා ගත්තේ නෑ කියන එක. මෙතුමා තමුන්ගේ දේපළ පවා ඉස්කෝල වලට, පුණ්‍යායතන වලට ලියලා තියෙන්නේ. පුස්තකාලය තමුන් ඉගෙන ගත්තු රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කරලා තිබුනේ. ඒත් පහුගිය අරගලේදී ජෙප්පෝ ඒකට ගිනි තියලා විනාශ කළා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 200 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site