
(ප්රසාද් රුක්මල්)
මහියංගන වියානා ඇළට අද (21) පස්වරුවේ ට්රැක්ටරයක් පෙරලීයාමෙන් එහි රියැදුරු දියේ ගිලි අතුරුදන්වී ඇතයි මහියංගන පොලිසිය පවසයි .
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් බව කියන ට්රැක්ටරයක් මෙසේ වියානා ඇලට පෙරලීගොස් ඇති බවත් පොලිසිය කීය .
මෙම ට්රැක්ටරය අරාවවත්ත ගිනිපෙට්ටි පාලම අසලදි මෙසේ වියානා ඇලට පෙරලීගොස් ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරු පමනක් ට්රැක්ටරයේ ගමන් කර ඇතයි පොලිසිය සදහන් කලේය .
මහියංගන පොලිසියේ නිළධාරින් අවට ගම්වාසීන් සමග එක්වී වියානා ඇලේ අතුරුදන්වී සිටින පුද්ගලයා සෙවීමේ කටයුතුවල නිරතව සිටින බවත් මහියංගන පොලිසිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනය පාලනය කිරීමට නොහැකි වන ලෙස වේගයෙන් පැදවීම. නිදිමරා වාහන එළිවීම නිසා රියදුරුට නින්ද යාම නිසා රියදුරුට නින්ද යාම, නැතහොත් බීමත්ව සහ නොසැලකිලිමත් ලෙස වාහනය පැදවීම විය හැකිය. එසේත් නොමැති නම් වාහනයේ දෝෂයක්වත්ද?