
(අංජුල මහික වීරරත්න)
ලංකාව පාලනය කරන දේශපාලන පක්ෂය හැර ලියාපදිංචි දේශපාලන පක්ෂ 67 සහ ලියාපදිංචි වීමට ඉල්ලුම් කර තිබෙන දේශපාලන පක්ෂ 15 රටේ අනාගතය සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් එකට එකතුව ක්‍රියා කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද(24) පැවසීය.
විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ නිපෝන් හෝටලයේ දී මෙම “මහ ජන හඬ” මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා:-
පසුගිය සිකුරාදා නුගේගොඩ පැවැති “මහ ජන හඬ” රැළියේදී ඉතාමත් සාර්ථක මහජන මතයක් රජයට පෙන්වන්න හැකියාව ලැබුණා. එක්සත් ජාතික පක්ෂය හැටියට අපි පසුගිය සැප්තැම්බර් මාසයේදී අපේ පක්ෂයේ සංවත්සර සැමරුම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 40 ක නායකයින් සහ නියෝජිතයින් සම්බන්ධ කරගත්තා. ප්‍රධාන විරුද්ධ පක්ෂයේද නියෝජිතයින් සහභාගී වෙමින් අපි මේ පණිවිඩ ලබාදීම ආරම්භ කළා.
ජනතාව දැනුවත් කිරීම සඳහා ගම් මට්ටමින් රැස්වීම් 1000 ක් පවත්වන්න අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුවක් තිබෙනවා.ඒ අනුව අපේ පක්ෂයත් සියලු දේශපාලන පක්ෂත් සියල්ලම ජාතික වශයෙන් එකට එකතු වී ක්‍රියාකළ යුතුව තිබෙනවා.
ආණ්ඩුව දිගින් දිගටම බොරු කියලා සමාජය සම්පූර්ණයෙන්ම වල්මත් කරලා සියලු දේශපාලන පක්ෂත් විනාශ කිරීම සඳහා ක්‍රියාකර තිබෙනවා. මේ “මහ ජන හඬ” ව්‍යාපාරය සඳහා දායකත්වය ලබාදුන් සමස්ථ දේශපාලන පක්ෂවලටත් සියලුම මහජනතාවටත් එක්සත් ජාතික පක්ෂයේ ස්තූතිය පළ කර සිටිනවා.
මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා, පිවිතුර හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය ටිරාන් අලස්, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, ප්‍රේමනාත් සී. දොලවත්ත මහත්වරුද සහභාගී වී සිටියහ.
2025 දෙසැම්බර් මස 04
234
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විපක්ෂයේ නායකයෝ ආයෙත් රැස් වෙති
සංඛ Monday, 24 November 2025 02:08 PM
මේ ගොල්ලෝ දැන් අනාථ වෙලා ඉන්නේ...මොනවා කිව්වත් මහ ජනතාව මේ අයව දැන් කුණු බක්කියට දාලා තියෙන්නේ. මේ ගොල්ලෝ ආණ්ඩු කරපු කාලේ කොච්චර මහජන මුදල් ප්‍රකෝටි ගණන් නාස්ති කලාද උප ඇමැතිලා, රාජ්‍ය ඇමතිලා, ව්‍යාකෘති ඇමතිලා කියලා ගෝලයින්ව හැම අමාත්‍යාංශ වලට දාගෙන. අද මාලිමා රජය ඒ නාස්ති කිසිවක් නැහැ. රටේ කුඩු සංස්කෘතියත් බින්දුවට අඩු කරලා, රටේ දූෂණය නැතිම කරලා රටේ වල් වැදිලා තිබුණු නීතිය අකුරටම අද අකුරටම ක්‍රියාත්මක වෙනවා. මාලිමා රජය අද ලෝකේටත් හොඳ ආදර්ශයක්...
වින්සන්ට් කජ්ජාMonday, 24 November 2025 03:08 PM
ඕකෙන් බාගෙට බාගයක් දූෂණ වංචාවලට හිරේ යන්න ඉන්නේ. මාලිමාව ඔය පක්ෂ ටික සුද්දකරලා දෙනකම් ඉන්න ජනතාවට කතාකරන්න.
Nihal Dharmatileke Monday, 24 November 2025 02:16 PM
ආසාර්ථක ජනහඩේ දෙවැනි ජවනිකාව..
Piyal Monday, 24 November 2025 02:26 PM
ජඩ හඩ - කසඩ එකතුව...
Shamaal Monday, 24 November 2025 02:29 PM
මේ අය රැස් වෙවී ඉදියි. ඊට වඩා දෙයක් නම් මේ අයට අය කරගන්න හම්බ වෙන්නේ නෑ. රටම නැතිම කරලා දාලා දැන් එනවා චූන් වෙලා වගේ රට හදන්න.
අශෝක Monday, 24 November 2025 03:04 PM
විපක්ෂයේ අනාත කඳවුර !!! වෙන කරන්නත් දෙයක් නැති නිසා දවසේ ගානේ සෙට් වුණත් අපිටනම් ප්‍රශ්නයක් නැහැ
පිටරැටියා Monday, 24 November 2025 03:58 PM
රටම හොරාකාලා විනාශ කරපු ,නඩු තියෙන දුශිත දේසපාලුවෝ සෙට් එකම ,එකම වේදිකාවේ ,එකට ලැගලා හිටපු හැටි දැක්කම කියන්ඩ වචන නැහැ.ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි .
Hafeel Monday, 24 November 2025 05:08 PM
මෙතන ඉන්න බහුතර අය ඉන්නේ ඇප මත.
Nnandana Monday, 24 November 2025 05:36 PM
දිගටම එකගෙයි දීග කෑවට පොදු ජනතාවට කිසිදු ඵලක් නැත. ඔවුන්ගේ අනන්‍යතාව ඔවුන් විසින්ම ප්‍රදර්ශනය කළාට සතුටුයි...
Srinath Monday, 24 November 2025 06:22 PM
21 එකතුවෙලා තියන ටිකත් කෙළවාගත්තා... කළින් හම්බ වුණු 48 ලක්ෂයත් දැන් නෑ 3% බැහැලා...
Perera Tuesday, 25 November 2025 12:07 AM
පට්ට හොරු වංචාකාර ඩීල් දාපු එවුන් එක පෙලට ඉඳගෙන ජාමේ බේරගන්න හදනවා.
Chathuri Tuesday, 25 November 2025 02:04 AM
දැන් මේ ගොබ්බයො ටික. මොනවද මේ කියන්නෙ මේරට ගොඩ එන විදිය වැරදියි කියන්නෙ කොහොමද කුඩු අල්ලන්න එපා. පාතාලයට නිදහසේ මිනිසුන් මරන්න දෙන්න. කුඩු කරන්න එපා. මන්ත්‍රින්ට හොර වැඩකරමින් පගා ගනිමින්. සැප විදින්න දෙන්න. මැති ඇමතිලව හොරකම් කරපුවට තිරිසන්නු වගේ වැඩ කෙරුවට. හිරේ දාන්න එපා. ජනතාවට නිතී හදලා. බදු වැඩි කරලා. ගොබ්බයින්ටලෝකවටේ සවාරි යමින් සැපසේ ඉන්න දෙන්න කියන එකද මේ. කියන්නෙ. නුගෙගොඩ රැලියට. මගෙ මල්ලි ව ඇරියා හද සෙල්ලම් ටිකක් විඩියො කරන් එන්න. බත් මුලයි. අරක්කු බෝතලේ. දහ දෙනෙක් බෙදන් බොන්න කියලා නාමල් බේබි ගමේ ගිහින් පොල් කඩන තරුනයෙක් එක්කන් ඇවිත්. හොදටම බීලා අතරමන් කරලා. වැටිලා නිදි. අපි තමයි විඩීයො දැම්මෙ සේරටම බලන්න මුන්ගෙරැලිය. නාමල් බේබි කොහාවගේ කාක් කුඩුවේ බිත්තර දාන්නෙ. කොටලා එලවනවා ලගදීම. ගොඩක් බයවෙලා ඉන්නෙ අනුන්ගෙ පක්ශ වල රැස්විම්වලට. යන්න තරම්. මී හරකුනේ. වැදගත් කියන එක මනුස්සයෙක් ආවාද එදා. පක්ශේ නායකයාවත්. නැහැ. දන්නවා මාලීමාවත් එක්ක හැප්පෙන්න බැහැ ඉට වැඩිය හොදයි රටි පිට වෙනවාකියලා. උබලට බෝදි පූජා තියලා වැඩක් නැහැ පාන්සකූලේ දෙන්න ඕන පනපිටින් ඉද්දි මොලේමැරුන ගොබ්බ නාකි
Willows Drive Tuesday, 25 November 2025 09:45 AM
කාලකන්නි ලැජ්ජා නැති හොරැන්ට මොන රැස්වීම්ද
Willows Drive Tuesday, 25 November 2025 12:05 PM
අඩුම තරමේ මේ comments බලලාවත් යතා තත්වය තේරැම් ගන්න බැර හිගන්නො ටිකක්