IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වනසන්න තිබූ විස්කි තේ කහට වෙලා

නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා කෙසෙල්වත්ත පොලිසිය පැමිණිල්ලක් කර ඇත.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ නියෝගය පරිදි අධිකරණ නිලධාරින් ඉදිරියේ විනාශ කිරීමට නියමිතව තිබූ විදේශීය මත්පැන් බෝතල් 81ක් සහ බියර් බෝතල් 150ක් මෙසේ පල් වතුර සහ තේ වතුර බවට පත්ව ඇත.

මත්පැන් බෝතල් 17 ක් කඩා බැලීමේදී මේ බව අනාවරණය වී ඇති අතර අදාළ බෝතල් සියල්ල සිල් තබා අධිකරණ භාරයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.

එසේ අත් අඩංගුවට ගන්නා ලද මත්පැන් බෝතල් තේ වතුර බවට පත් වීම පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස අධිකරණ රෙජිස්ටර්වරයා විසින් කෙසෙල් වත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය මගින් වැඩ බලන පොලිස්පතීවරයාට දැනුම් දී ඇති බවද වාර්තා වේ.

 



 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site