IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වනසන්න කියූ ඉස්සන් අඹරන්න දීලා

(යොහාන් භාසුර)

විනාශ කිරීමට නිර්දේශ කළ කොළඹ වරායේ තිබූ ඉස්සන් කන්ටේනරයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ  පිහිටි සත්ව ආහාර නිෂ්පාදනය කරන සමාගමක යන්ත්‍රවලට දමා ඇඹරීමේ සිද්ධිය පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කළ බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

විනාශ කිරීමට නිර්දේශ කර තිබූ මෙම ඉස්සන් කන්ටේනරය පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට ගෙන ගොස් ජනතාවට අළෙවි කිරීමට සූදානම් වන්නේ යැයි ලැබුණු පැමිණිල්ලකට අනුව එම ස්ථානය පරීක්ෂා කළ බවත් විනාශ කිරීමට නිර්දේශ කළ ආහාර ද්‍රව්‍යයක් හෝ භාණ්ඩ විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ බලපත්‍රයක් අදාළ සමාගමට නොමැති යැයි මූලික පරීක්ෂණවලදී හෙළිවූ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ එම උසස් නිලධාරියා කීය.

ඒ හේතුවෙන් එවැනි විනාශ කිරීමකට එම සමාගමට ඇති බලපත්‍ර ඇතුළු ලියකියවිලි රැගෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත හෙට (7) දින පැමිණෙන ලෙස එම සමාගමේ ප්‍රධානියාට දැනුම් දුන් බවත් මෙවැනි විනාශ කිරීමට නිර්දේශ කළ ආහාර ද්‍රව්‍ය හෝ භාණ්ඩ විනාශ කිරීමට විශේෂ ක්‍රියාපටිපාටියක් ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන කීපයක නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් වරායෙන් පිටකළ කන්ටේනරයේ ගබඩා කර තිබූ ඉස්සන් විශාල තොගයක් අදාළ සමාගමේ යන්ත්‍රවලට දමා අඹරා ඇති බවත් විනාශ කිරීමට නිර්දේශ කළ ආහාර ද්‍රව්‍යයක් සත්ව ආහාර නිෂ්පාදනය කරන සමාගමකට ගෙන යාම පවා නීති විරෝධි බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.

පසුගිය ජනවාරි මස ඇමෙරිකාවේ සිට කොළඹ වරායට ළඟා වූ කන්ටේනර් දෙකක් තුළ විශාල ප්‍රමාණයේ ඉස්සන් කිලෝග්‍රෑම් 50,000 ක් ගබඩාකර තිබූ බවත් ආනයනකරුවන් එම ඉස්සන් තොගය නිදහස් කරනොගැනීම නිසා ඒවා අළෙවි කිරීමට වරාය අධිකාරිය ටෙන්ඩර් කැඳවුවත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඒ සඳහා ඉහළ ලංසුවක් තබා තිබීම නිසා ඉල්ලුම්කරුවකු ඉදිරිපත් නොවූ බවත් වරාය අධිකාරියේ සේවකයෝ පවසති.

එම ටෙන්ඩර් කැඳවීමේදී ඉස්සන් කන්ටේනර් දෙක මිලදීගැනීම සඳහා එම කන්ටේනරයක් රැගෙන ගොස් ඉස්සන් ඇඹරූ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීරණයේ ඇති ඉහත සඳහන් පෞද්ගලික සමාගම ද ටෙන්ඩර් ඉදිරිපත් කර තිබූ බව ද වරාය සේවකයෝ කියති.

පළමු ටෙන්ඩරයකදී ගැනුම්කරුවකු ඉදිරිපත් නොවුවහොත් තුන්වරක් ටෙන්ඩර් දැමිය යුතු වුවද වරාය අධිකාරියේ වර්තමාන පරිපාලනය එම ඉස්සන් තොගය නැවත ටෙන්ඩර් නොකළ බව කියන එහි සේවකයෝ වරායේ සහ රේගුවේ ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ඉස්සන් තොගය විනාශ කරන ලෙස නිර්දේශ කළ බව ද සඳහන් කළහ.

එම ඉස්සන් කන්ටේනර් දෙක විනාශ කිරීමේ නිර්දේශය ඉක්මන් කිරීමේ    උපක්‍රමයක් ලෙස එම කන්ටේනර් දෙක හිමි නැව් සමාගමට  හිස් කන්ටේනර් දෙක ඉක්මණින් අවශ්‍ය යැයි පවසා වරාය වෙත ලිපියක් ද ලැබී තිබූ බවත් මෙම ඉස්සන් විනාශ කිරීමට නිර්දේශ කර පෑලියගොඩ අදාළ සමාගමට පසුගිය 3 වැනිදා යොමු කරන ලෙස රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ඩී.පී.එම්. පෙරේරා ලිඛිතව දැනුම් දී තිබූ බවත් වරාය සේවකයෝ සඳහන් කරති.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන කළමනාකරු (සේවා සැපයුම්) ප්‍රියශාන්ත කැටිපේආරච්චි, අදාළ කන්ටේනර්වල ඉස්සන් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි සඳහන් කරමින් ඒවා ඉවත් කිරීමට අවසර ඉල්ලමින් පසුගිය පෙබරවාරි මස දිනයක් නොමැති ලිපියක් හරහා රේගුවෙන් අවසර ඉල්ලා ඇති බව ද වරාය සේවකයෝ කීහ.

මෙම කන්ටේනරය පෑලියගොඩ පෞද්ගලික සමාගමට ගෙන යන තෙක් ඒ සම්බන්ධ සියලුම කටයුතු වරාය පාර්ශවයෙන් එකම නිලධාරියෙක් මෙහෙය වූ බව කියන සේවකයෝ මෙරට ජනතාව දූෂණයට එරෙහිව පත් කළ  වර්තමාන ආණ්ඩුව එම නිලධාරියා එම උසස් තනතුරට මෑතකදී පත් කළ බව ද සඳහන් කළහ.

විනාශ කිරීමට නිර්දේශ කළ මෙවැනි සත්වයන් තොගයක් පෞද්ගලික සමාගමක් වෙත ගෙන යාමට රේගුවට හෝ වරාය අධිකාරියට කිසිදු නීතිමය අයිතියක් නොමැති බවත් මෙම සිද්ධිය පිළිබඳව වර්තමාන ආණ්ඩුව දැඩි අවධානය යොමු කළ යුතු බවත් වරාය සේවකයෝ පැවසූහ.

මෙම ඉස්සන් කන්ටේනර් දෙක විනාශ කිරීමට නිර්දේශ කිරීමේ නිසා රජයට සහ වරාය අධිකාරියට රුපියල් කෝටි ගණනක පාඩුවක් වූ බව ද වරාය සේවකයෝ වැඩිදුරටත් සඳහන් කළහ.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එම ඉස්සන් තොගය නරක් වී ඇති බැවින් ඒ ආකාරයටම විනාශ නොකරන ලෙස සත්ව නිරෝධායන වෙතින් උපදෙස් ලැබී තිබූ බවත් ඒ හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ඇති අදාළ සමාගමේ යන්ත්‍ර වලට දමා වියලූ බවත් එම කන්ටේනරයේ තිබූ ඉස්සන් මලු 67 ක් වියලා ඇති බවත්ය.

ඉතිරි කන්ටේනරයේ ඉස්සන් තොගය ද පෑලියගොඩ එම සමාගමටම හෙට (8) ගෙන ගොස් වියළන බවත් කන්ටේනර් දෙකේම ඉස්සන් වියළීමෙන් පසුව කෙරවලපිටිය ප්‍රදේශයේ වගුරු බිමක වලදමන බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (3)

වනසන්න කියූ ඉස්සන් අඹරන්න දීලා

ගුණරත්න Monday, 07 April 2025 05:29 PM

ඔය ඉතින් පේන්නේ මාලිමාවුන්ගේ හපන්කම්...!

:       14       8

Neel Monday, 07 April 2025 07:48 PM

හැම තැනම ඉන්නේ ගේමි කාරයෝ....

:       0       0

Nandalal de Silva - France Monday, 07 April 2025 08:25 PM

ඔය ඉස්සො තොගය අඹරා හො වෙන ක්‍රමයකින් හෝ අවසානයේදී නතර වෙන්න තිබුනේ, ශ්‍රී ලංකාව පුරා විහිදී, පැතිරී තිබෙන "චයිනීස් රෙස්ටොරන්ට්" ජාලවල වෙන්න තිබුනා.. පව්... අනේ... පව්...අර ඉස්සො මුදලාලිට. !!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site