
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව් දෙනාගෙන් එක් අයකුගේ සිරුර අද සවස සොයා ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ බගවන්තලාව පදිංචි 17 හැවිරිදි උදය කුමාර් සිරිදරන් නැමති තරුණයකු බවත් මේ වන විත අතුරුදහන්ව ඇත්තේ සෙල්වමුත්තු සෙල්වරාජ් (28),පලනි යන්දි සෙල්වරාජ් (19) හා පලනි යන්දි අරිය මුත්තු (17) යන තරුණයින් බව පොලිසිය කියයි.
මෙම පිරිස බගවන්තාලාව ප්‍රදේශයෙ සිට වෙන්නප්පුවට පැමින පෙදරේරු,මේසන් හා ටයිල් කාර්මිකයින් ලෙස සේවය කල පිරිසක් බව පොලිසිය සිදුකල මූලික විමර්ශන වලදි තහවුරු වී ඇත.
කෙසේ වෙතත් ඒ වනවිටත් අතුරුදහන් වු තිදෙනා සොයා ධිවර යාත්‍රා යොදා ගනිමින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළදාව විකුණන් කාපු කාලකන්නි සාපෙ මුළු රටටම වැදිලා...