
(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳව හෙට (13) පෙරවරුවේ තීරණය කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (12) පස්වරුවේ පැවසීය.
විදුලි කප්පාදුව තීරණය කිරීමට විදුලි ඉල්ලුම, සැපයුම සහ ජනන ධාරිතාව පිළිබඳව නිවැරදි තොරතුරු සමඟ අධ්‍යනය කිරීම අවශ්‍ය බවත් හෙට දිනයේ විදුලි ඉල්ලුම පිළිබඳව පෙරවරුවේ පුරෝකථනයක් කිරීමට නියමිත බවත් විමලරත්න මහතා කීය.
ඒ අනුව විදුලිය කොපමණ කාලයක් කප්පාදු කරනවාද ඒ කුමන කාල පරාසයක් තුළ ද යන්න හෙට පෙරවරුවේ තීරණය කරන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
සමස්ත රටේම විදුලි සැපයුම පසුගිය ඉරිදා (9 වැනිදා) විසන්ධිවීම හේතුවෙන් නොහොච්චෝලේ ‘ලක්විජය’ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර තුන අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ විදුලි ප්‍රමාණය ආවරණය කිරීම සඳහා පසුගිය 10 සහ 11 දෙදින පැය එකහමාර බැගින් විදුලිය කප්පාදු කළේය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිය කපනවාද නැද්ද තීරණ හෙට
සිල්වා Wednesday, 12 February 2025 06:10 PM
ඉන්ජිනේරු ආචාර්ය මහාචාර්යවරු එකතුවෙලා වැඩේ හරියටම කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
soma Thursday, 13 February 2025 06:52 AM
මේ පුංචි රටේ නටන මේ නාඩගම මොකක්ද ?