IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


වතුකරයේ ආපදා අවදානම් පාසල්වලට කඩිනමින් විසඳුම්

(යොහාන් භාසුර)

වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

මලෛයග තමිළර් ප්‍රජාව සමඟ ඊයේ (06) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

එම ආපදා අවධානම් පාසල්වල ඉගෙනුම ලබන සිසුන් වැසි කාලය සඳහා ආරක්ෂිත ස්ථාන වෙත කැඳවා අධ්‍යාපන කටයුතු කරන බවත්, වර්ෂාව අවසන් වූ පසු නැවත එම පාසල් වෙත යැවෙන බවත් අමාත්‍යවරයා කීය.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හරහා ආපදා අවදානම් සහිත සහ ආරක්ෂිත භූමිය හඳුනාගෙන, ඉතා කඩිනමින් මෙම පාසල් සුදුසු ස්ථානවල ස්ථානගත කිරීමටත්, ඒ හරහා දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කර ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමටත් සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

වතුකරයේ පාසල් 864ක් තිබෙන අතර, එයින් පාසල් 153ක් සඳහා පමණක් ඉඩම් අයිතිය තිබෙන බව මලෛයග තමිළර් සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු අනාවරණය කළ අතර, එම අවස්ථාවේදී අමාත්‍යවරයා කියා සිටියේ පාසල්වල ඉඩම් අයිතිය පිළිබඳ ගැටළුව වතු පාසල් සඳහා පමණක් සීමා වූ දෙයක් නොවන බවත්, සමස්ත පාසල් දහස් ගණනකට මෙම ඉඩම් අයිතියේ ගැටළුව පවතින බවත්ය.

එබැවින්, එම සියලු පාසල්වලට ඉඩම් අයිතිය ලබාදීමේ වැඩපිළිවෙලක් පිළිබඳ සාකච්ඡා සිදුකරන අතර, ඉදිරි කාලය තුළ එම ගැටළුව විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුලු පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

වතුකරයේ ආපදා අවදානම් පාසල්වලට කඩිනමින් විසඳුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30661 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12664 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10918 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 805 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 890 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site