(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තිය සමිති සම්මේලනය නියෝජනය කරන වෘත්තිය සමිතිවල නායකයන්ට හා සාමාජිකයන්ට සිදුවන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීමට වෙනම නීතිඥ කණ්ඩායමක් පත් කිරීමට එම සම්මේලනය තීරණය කර ඇත.
මේ තීරණ ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ විධායක සභා රැස්වීමේදීය. මෙම රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පසුගිය 23 වැනිදා පැවැත්විණ.
එසේම තම වෘත්තිය සමිති නිලධාරීන්ට මුහුණ දීමට සිදුවන අභියෝග වලදී ඉදිරිපත්ව නීතියේ ආවරණ ලබාදිය යුතු යැයි මෙහිදී ඒකමතිකව තීරණය කෙරුණු බව ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් රෝයි ද මැල් මහතා පැවසීය.
වර්තමාන රජය විවිධාකාරයෙන් රාජ්‍ය සේවකයින්ගෙන් මෙන්ම වෘත්තීය සමිති නායකයින්ගෙන් දේශපාලන පළිගැනීම් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.
එහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පැවසුවේ වෘත්තීය සමිති නායකයන් මෙන්ම ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු දැනටමත් වැඩ තහනමට ලක්කර ඇති බවයි.
දේශපාලනික වශයෙන් විරුද්ධ මත දරණ වෘත්තීය සමිති නායකයන් සම්බන්ධයෙන් රජය දැඩි පිළිවෙතක් අනුගමනය කිරීම හෙලා දකින බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් රෝයි ද මැල් මහතා පැවසුවේ මෙම දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම ප්‍රශ්න කළ යුතු බවයි.
වෘත්තීය සමිති නායකයන් දඩයම් කිරීම සම්බන්ධයෙන් පමණක් නොව සියලුම රාජ්‍ය සේවකයන්ට කරන බලපෑම් සම්බන්ධයෙන්ද තොරතුරු රැස් කළ යුතු බව ඔහු සඳහන් කළේය. කණ්ඩායමක් ලෙස සාමූහිකව මුහුණ දීමෙන් දේශපාලනමය බලපෑම් අවම කර ගැනීමට සහ වෘත්තීය සමිති රැක ගැනීමට මෙන්ම සාමජිකත්වයේ ආරක්ෂාව සහතික කර ගැනීමට අවස්ථාව ලැබෙන බවටද මෙහිදී සාකච්ඡා කෙරිණ
තැපැල්, දුම්රිය, ගුවන් හමුදා සහ නගර සභා යනාදී ක්ෂේත්‍රයන්හි වෘත්තීය සංගම්වල නියෝජිතයෝද ප්‍රශ්න ගැටලු අදහස් සහ යෝජනා මෙහිදී ඉදිරිපත් කළහ.
2025 නොවැම්බර් මස 04
315
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2131
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෘත්තීය සමිති දඩයම් හොයන්න නීතිඥ කණ්ඩායම්
බකල ජයා Monday, 28 July 2025 04:47 PM
තර්ජන තියෙන අයට රත්තරං පාට ආයුධ දුන්නොත් ආරක්ෂාවට හොඳයි.
ජිල්බු Monday, 28 July 2025 06:15 PM
ගුවන් හමුදාවේ වෘත්තිය සමිතියක සාමාජිකත්වය ලැබූ අය මෙතැන කොටත්ද?