
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජින්තුපිටිය සැලුනයක් තුළදී වෙඩි තබා එක් අයකු ඝාතනය කර තවත් පුද්ගලයන් තිදෙනකුට තුවාල සිදු කළ වෙඩික්කරුවන් පළා යද්දී ජීප් රථයේ දොරට මුවා වී සැඟවුණු බව කියන ආදුරුප්පුවීදිය පොලිසියේ සැරයන්වරයාගේ සහ කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
වැඩ තහනමට ලක් කළ කොස්තාපල්වරයා සහ සැරයන්වරයා රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැර තිබිණි.
මෙම වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරුවන් යතුරුපැදියෙන් ඔවුන් අසලින් පලායාද්දී සැරයන් වරයා ගිනි අවිය අත දරාගෙන කඩිමුඩියේ ජීප් රථයෙන් බැස එහි දොරට මුවා වී සැඟවෙන අයුරුත්, ටී 56ක් අත දරාගත් කොස්තාපල්වරයා එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන ආකාරය හැඟවෙන අයුරු සීසීටිවි කැමරාවක සටහන්ව ඇතත් කොස්තාපල්වරයා ප්‍රකාශ කරන්නේ ව්‍යාජ තොරතුරු බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් 14 වැනි දින රාත්‍රී මෙම වෙඩි තැබීම සිදු කළ අතර එ දින රාත්‍රී ආදුරුප්පුවීදිය පොලිසියේ රාත්‍රී ජංගම සංචාරයේ මෙම නිලධාරීන් දෙදෙනා ග්රාමාරක්ෂකවරයකු සමග රාජකාරී යෙදී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
එම අවස්ථාවේදී තමන් ඉදිරියෙන් එම වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා ගිනි අවියත් රැගෙන ස්කුටර් වර්ගයේ යතුරු පැදියෙන් පලා යාමේදී ඔවුන් වලක්වා ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළේ එම වෙඩික්කරුවන් සමග ඇති සම්බන්ධයක් නිසා දැයි අනාවරණය කරගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විට පණ බයට වෙන්න පුළුවන්, අහිංසක මිනිස්සුන්ට පාර්ට් දැම්මට ආයුධයක් අරන් එන පාතාලේ එකට පොලිසිය පණ බය වෙනවා...
පොලිසියත් හරියට හදන්න. නැතිනම් සමාජයම ගන්න දෙයක් නෑ.
අද පොලිසියට අපරාධකාරයෝ අල්ලන එකත් ලේසි නෑ නේද?
අයියෝ... වෙඩි තියන්නනේ තිබ්බේ.... ඔලුවටම. බය වෙලානේ ඉන්නේ.
ඇයි අපරාධ කාරයාව මුදා හැරියේ...?
අනේ මන්දා මෙහෙම පොලිසියක්... හොරාපොලිස් වගේනේ...
හොද පුහුණුවක් තියන නිලධාරීන් පත්කරගන්න.
රටේ හැම ප්‍රශ්නයකටම හේතුව කවුරු කවුරුත් තම තමන්ගේ රාජකාරිය පැහැර හැරීම. ඒකට ඉහල පුටුවේ ඉඳන් පහළ පුටුව දක්වා වගකිව යුතුයි...
ඕවට දාන්න ත්‍රිවිධ හමුදාවෙ කොල්ලො. යකෙක්ටවත් බය නැති නිසා ඕනම තැනකට බස්සන්න පුලුවන්. ජරාව දීලා ශේප් වෙන්නත් බෑ..
ඇත්තටම මේ ගොබ්බ ආණ්ඩුව හා පොලිසිය විරුද්ධ පක්ෂවලට මොනයම් හෝ සහයෝගයක් දක්වන දේශපාලන පක්ෂ වල නියෝජනයන්ට කුමන හෝ චෝදනාවන් ඵල්ල කොට.
පොලිස් නිලධාරීන්ට අනපේක්ෂිත අවස්ථාවක සිදුවන අපරාධයකදී මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරි නම් ඒක පුහුණුවේ වරදක්. නමුත් වෙඩික්කරුවන් එක්ක සම්බන්ධයක් තිබුණා නම් ඒ වෙලාවේ එතැන ඉන්නේ නැහැ නේද?
පගාව ගන්නනම් කිසිම බයක් නැහැ නේද?