
(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් අද (9) පස්වරූ 3.00 සිට පැය 24ක කාලයක් සියලු සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, විදුලිබල මණ්ඩලයේ මළ ගම සිදුවු අද වැනි දිනක රජය විසින් කිසිදු සාධනීය පිළිතුරක් හෝ සාමුහික ගිවිසුමක් විදුලි සේවකයින් වෙත ලබාදී නොමැති බවය.
සාමුහික ගිවිසුම ගැන අධ්‍යයනය කර සාකච්ඡාවක් ලබාදෙන තුරු සේවයට නොපැමිණෙන බවද ඔවුන් අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යූනියන් ජෝක්ස්...
සේවකයන් ගණන අඩුකිරීමට මෙය අවස්ථාවක් කරගන්න.
මම අද නුවර විදුලිබල මණ්ඩලයට ගියා ෆෝම් එකක් ඉල්ලා ගන්න මොකුත් දෙන්න බැහැ කිව්වා ඉහළින් උපදෙස් ලැබෙනතුරු. මාසයකින් විතර නැවත ඇවිත් බලන්න කිව්වා...
මෙම වෙනස සිදුවිය යුතුව තිබුණේ දැනට වසර හතලිහකට පෙරයි. එය එදා සිදුනොවුනේත් අද සිදුවන්නේත් ජවිපෙ නිසයි.
සිල්වෝ වසර හතළිහකට පෙර ජවිපෙ තත්වය පැහැදිලි කරන්න. ඒක තහනම් පක්ෂයක්. ඒකටත් බයේද හිටියේ ඔහෙලාගේ ලොක්කෝ...?
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයට දැන් ඉතිරිවෙලා ඉන්නේ අතේ ඇගිලි ගානටත් අඩු සාමාජිකයන් සංඛ්‍යාවක්, ඒ නිසා එයාලා වර්ජනය කෙරුවට රටට දැනෙන්නේ නැහැ.
හොර ඕටී, ගසා කෑම් දැන්වත් නවත්වයිද? ඕවා කරපු එවුන් ලංවිමට හරි ආදරෙයි.