
(සුජිත් හේවාජුලිගේ)
විදුලි බල මණ්ඩලය පෞද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමේදී සහ ඉන්ධන මිලදී ගැනීමේදී නියමිත වේලාවට ගෙවීම් ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් කෝටි 2194 ක ප්‍රමාද පොලියක් 2023 වසරේදී පමණක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළාලුත්ම වාර්තාවක සඳහන් වේ.
තවද මණ්ඩලයේ අඛණ්ඩ මූල්‍ය අලාභ හේතුවෙන් ලබාගත් බැංකු අයිරා කෙටිකාලීන ණය සහ දිගු කාලීන ණය සඳහා පොලී ලෙස රුපියල් කෝටි 3687ක මුදලක් 2023 වර්ෂයේදී පමණක් වැය කර තිබූ බව එහි දැක්වේ.
එසේම විදුලි බල මණ්ඩලයට වෙළඳ ණයගැතියන්ගෙන් රුපියල් කෝටි දෙසීයකට වැඩි මුදලක් වසර පහකට වැඩි කාලයක සිට අය නොවී පැවතුන බව විගණන කාර්යාලය පවසයි.
තවද ශ්‍රී ලංකා විදුලි බල පනතේ වගන්ති වලට පටහැනිව නියාමකගෙන් අධිකාරී බලය ලබා නොගෙන උත්පාදන බලපත්‍රයක් ලබාගෙන නොතිබුණු විශ්‍රාම ලක් ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් දෙදෙනෙකුගෙන් 2023 වර්ෂයේදී රුපියල් කෝටි 200ක් ගිගාවොට් 27.31 ක බලශක්ති මිලදීගෙන තිබූ බව
විගණනයේදි තොරතුරු හෙළිවී ඇත.
මේ අතර 2023 වර්ෂයේ පළමු මාස නවය සඳහා විවිධ දීමනා වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ සහ වැටුප් සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව රුපියල් කෝටි පනහකට වැඩි මුදලක් ගෙවා තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති බුදි ද ?
"මෙයාලා මේ තරම් සල්ලි නාස්ති කරලා තියෙන්නේ කිසිම වගකීමක් නැතිව . ණය කන්දක ඉඳගෙන තව තවත් මත් කරනවා රට. ඒ හැම දෙයක්ම මෞජනතාවාගේ පිට පටවනවා. දැන්වත් මේවගේ කෙරවලක් උනේ නැත්නම් ලංකාවට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ
හිටපු ඇමතියයි මිනිහගේ ගෝල බාලයෝ සෙට් එකයි ඕකට වග කියන්න ඕනේ
අවුලක් නෑ. කෝටි ගණන් ඒ ඒ නිළධාරීන් ගේ සාක්කුවල ඇති. මහජනතාව බර අදිනවනෙ. කොච්චර වැහැලා ජලාශ පිරුණත් වැඩක් නෑ.
මහජනතාව බිල් ගෙවලා නැහැ... නැහැ. ඕකයි මණ්ඩලේ පාඩු වෙන්න සහ මහවැස්සෙන් සතියක් ඇතුළත වැව්, සහ ජලාශ හිඳෙන්නේ. ඉතින් බිල් ගෙවාගන්න බෑ... පට්ටනේ...!
අපි අවුරුදු 3ක් තිස්සේ විශාල විදුලි බිලක් ගෙවනවා. ඒ එකතුවෙන මුදල් නිසා විදුලිබල මණ්ඩලය ලාබ ලැබුවා කියලත් කියනවා. ඉතින් ඒ තරම් මුදල් ලැබිලත් හිඟ ගෙව්වේ නැත්තේ ඇයි? මේක ඉතාම නරක වගකීම් පැහැර හැරීමක්. අන්තිමේ ඔය දඩ සහ හිඟ මුදල් ගෙවෙන්නෙත් අපෙන් එකතු කරන සල්ලි වලින්, වාරික වශයෙන් හෙණ ගහන වැඩ...