(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොටස් වෙළඳපොළ ලැයිස්තුගත සමාගම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජන කළ හැකි සීමාව ඇ.ඩො 500,000 සිට ඇ.ඩො 750,000 දක්වා ඉහළ නංවා ඇත.
එසේම ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා එම සීමාව ඇ.ඩො 150,000 සිට ඇ.ඩො 200,000 දක්වා වැඩි කර ඇති බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ විය
මෙම සීමා ඉක්මවා ආයෝජනය කිරීමට අපේක්ෂා කරන සමාගම්වලට විදේශ මූලාශ්‍රවලින් ඇ.ඩො මිලියන 2 ක් දක්වා ණය ලබාගත හැකි නමුත් ඇ.ඩො මිලියන 2 ඉක්මවන ඕනෑම ආයෝජනයක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ අනුමැතියක් අවශ්‍ය වන බවද සඳහන් කෙරිණ.
මේ අතර බීවයිඩී (BYD) මෝටර් රථ දහසකට වැඩි ප්‍රමාණයක් වරායේ රඳවා තැබීම ගැන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා රේගු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය
බදුකරණයට සම්බන්ධ ඊ-වාණිජ පද්ධතියට අදාළ ගැටලු විසඳා ඇති බව නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දුන්හ.ප්‍රතිමුඛ ආයෝජන පිළිබඳ යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශ, දේශීය සමාගම් සඳහා විදේශයන්හි ආයෝජනය කිරීම සඳහා වැඩි කළ සීමාවන් හඳුන්වා දීම ඇතුළු ක්‍රියාවලීන් විධිමත් කිරීම ඇතුළත් නියෝගයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට ලක් කෙරිණ
2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ 2025.06.18 දින අංක 2441/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද එම නියෝගය මෙහිදී සළකා බැලීමෙන් අනතුරුව ඊට අනුමතිය හිමිවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (29) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.
2025 නොවැම්බර් මස 04
251
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකාවේ සමාගම්වලට ‘බොනස්’ එකක්