
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම පිණිස 2021-11-23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත් අදාළ ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැත.
යෝජිත ගිවිසුම මඟින් දෙරට අතර වෙළෙඳ ගනුදෙනුවල පිරිවැය අඩු කිරීම, දේශසීමා මායිම් ආශ්‍රිත බදු නිරවද්‍ය ආකාරයෙන් ගණනය කිරීම හා එක්රැස් කිරීම, සීමා කිරීම් වලට යටත් භාණ්ඩ හුවමාරු වීම තහනම් කිරීම, සීමා කිරීම ස පාලනය කිරීම සම්බන්ධිත රෙගුලාසි පැනවීම යන අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කෙරේ.
දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇති ගිවිසුම සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර එකී ගිවිසුම අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව වියට්නාමය අතර රේගු ගිවිසුමක්