
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව හා වියට්නාම රජයන් අතර කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සදහා කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සමගාමීව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ වියට්නාමයේ කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය Minh Hoan Le මහත්වරුන් අතර සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරිණි.
කෘෂි තාක්ෂණය, අධ්‍යයන හා පර්යේෂණ, අත්දැකීම් හුවමාරුව, උසස් බීජ නිෂ්පාදනය, පොහොර හා පලිබෝධ නාශක යෙදීම, වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි ගොවි ජනතාව හා නිලධාරින් පුහුණු කිරීම වැනි කරුණු කිහිපයක් අදාලව මෙම ගිවිසුම ක්‍රියාත්මකය.
COMMENTS