
(සුජිත් හේවාජුලිගේ )
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය.
ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ආර්ථික නිදහස පිළිබඳ දර්ශකය අනුව සිටියේ 136 වැනි ස්ථානයේය. එම ස්ථානය මේ වර්ෂය වනවිට 149 දක්වා ඉහළ ගොස් ඇතැයිද මහාචාර්යවරයා කීවේය.
ලෝ ප්‍රකට හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතනය රටවල් 184ක් යොදාගෙන මෙම ගණනය කිරීම කර ඇත.
ශ්‍රී ලංකාව ආර්ථික නිදහස පිළිබඳ දර්ශකය තුළ 2010 වර්ෂය වන විට සිටියේ 95 වැනි ස්ථානයේ බවත් 2020 වන විට එය 117 වැනි ස්ථානය දක්වා ඉහළ ගිය බවත් ඔහු කීවේය.
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ආසියානු පැසිපික් කලාපයේ රටවල් 39 අතර ශ්‍රී ලංකාව සිටින්නේ 34 වැනි තැන බවද වසන්ත අතුකෝරල මහතා පැවසීය.
හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතනය නීතියේ ආධිපත්‍ය රජයේ ක්‍රියාකාරීත්වය නියාමන කාර්යක්ෂමතාව සහ විවෘත වෙළදපොළ යන ප්‍රධාන විචල්‍යයන් හතරක් පදනම් කරගෙන මෙම ගණනය කිරීම කර ඇත.
මෙම දර්ශකය අනූව ඉන්දියාව 126 වැනි ස්ථානයේද නේපාලය 130 වැනි ස්ථානයේ ස්ථානයේද පකිස්ථානය 147 වැනි ස්ථානයේද පසුවන බව පැවසේ.
ස්විට්සර්ලන්තය සිංගප්පූරුව අයර්ලන්තය තායිවානය ලක්ෂෙම්බර්ග් නවසීලන්තය ආර්ථික නිදහස ඉහළින්ම ඇති රටවල් ලෙස එම ආයතනය හඳුන්වා දී ඇත.
දේශීය ආයෝජනය ශක්තිමත් නොවීම සහ විදේශීය ආයෝජකයන් සැලකිය යුතු පරිදි රට තුළට නොඒම වැනි කාරණාද ශ්‍රී ලංකාව මෙම දර්ශකයෙන් පහළ යෑමට ප්‍රධාන වශයෙන් තුඩුදී ඇතැයි සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න දෙයක් නෑ, මාලිමා පචෝරිස්ලා යටතේ ලබන අවුරුද්ද වෙනකොට ලංකාව ඔය ලිස්ට් එකේ තියා ලෝක සිතියමේ වත් හොයාගන්න බැරිවෙයි.
පුනරුදය නැගලා යනවානේ... තේරුම් ගන්නකෝ. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ...
විවෘත ආර්ථිකය විවේචනය කරමින් කටයුතු කරපු ඇත්තෝ බලය ලබාගෙන තියෙද්දී අපි මොකටද බයවෙන්නේ 14 වෙනිදා ආණ්ඩුව සම්පූර්ණයෙන්ම පිහිටුවා ගත්තාම ඔක්කෝම හරියාවි... බබාලා චුට්ටක් ඉවසන්නකෝ...!
ඔය තියෙන්නේ රට දියුණු කරපු රග කට්ටිය අවුරුදු 70 ගාණක්. ලැජ්ජා නැතුව තවත් එනවා ඡන්දේ ඉල්ලන්න. පරණ ආණ්ඩු කරපු එකෙක් වත් එපා විපක්ෂයටවත් ආයෙත්...
පිස්සු කෙළින්න එපා. ඉන්ධන මිල මාර විදිහට බැස්සුවා. බිත්තර, පොල්, හාල් මිල හොර කොමිස් අයින්කරලා ජනතාවට සහන දුන්නා. පුනරුදය අතළඟ... නිකන් පිස්සු කරන්න එපා. කුහක වෙන්න එපා... ඉවසලා ඉන්න
මේ අගාධයෙන් රට ගොඩගැනීමට මාලිමා කණ්ඩායමට නොහැකි වුණොත් රට ගොඩගැනීමට හැකි පක්ෂයක් හෝ නායකයෙක් පෙනෙන මානයේ නැත...
මේවාට ප්‍රධාන හේතු හොයලා නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැතිනම් පවතින ආණ්ඩුවත් පරාජය කරමු. 76ක් පාලනය කරපු පල් හොරුන්ට කළා වගේ...
පුනරුදය එනවා සත්තයි.