
රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජනරජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට, යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල විය. ප්‍රහාර එල්ල කළේ ආයුධවලින් සන්නද්ධ කණ්ඩායමකි. මොවුන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් පිරිසක් යැයි ඩැගෙස්තාන් ආරක්ෂක අංශ පවසයි.
ප්‍රහාරයට 10 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් පැමිණ ඇත. ඔවුන් කළ වෙඩි තැබීම්වලින්, නව දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ. මියගිය නව දෙනාගෙන් හත් දෙනකු පොලිස් නිලධාරීන්ය.
ප්‍රහාර එල්ල වූයේ ඩර්බන්ට් සහ මකාචාලා යන නගරවලටය. මෙම නගර පිහිටා ඇත්තේ එකිනෙකට කිලෝ මීටර් 120 ක දුරකිනි. ත්‍රස්තවාදීන්, යුදෙව් ආගමික මධ්‍යස්ථානයට කඩා වැදී වෙඩි තබා ඉන්පසු එය ගිනිබත් කළ බව ද වාර්තා වේ.
(සී.එන්.එන්.)
COMMENTS
මේ අන්තවාදී ත්‍රස්තවාදය නම් ලොවටම හිරිහැරයක්
යුදෙව් ත්‍රස්තවාදය ඊටත් වඩා දරුණුයි. අරාබි මුස්ලිම් ත්‍රස්තවාදය ඇති වුනේ ඔය යුදෙව්වන් නිසයි. තමන්ට අයිති රට එංගලන්තයේ සහ ඇමෙරිකාවේ සහායෙන් කොල්ලකාපු යුදෙව්වන්ගෙන් පළිගන්නයි මේ ත්‍රස්තවාදය...
අපි පුන පුනා කීව්වා නැවත නැවතනැවත් ප්‍රහාර ඇතිවෙනවා කියලා. කාදිනල් උන්නැහේ ඔන්න ඝෝටා රුසියාවේත් ප්‍රහාරයක් දියත් කරලා මැතිවරණය දිනාගන්න. අනේද කියන්නේ?
කාදිනල් තුමාට හරියට කතාකරන්න,