(අජන්ත කුමාර අගලකඩ)
පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
එම සියලු ආයතන හඳුනාගෙන මේ වන විට ලැයිස්තු ගත කරමින් ඇති අතර,අදියර කිහිපයක් යටතේ ඒවා පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
එම රාජ්‍ය විවසාය අතර,ලාභ ලබන මෙන්ම, ලාභ නොලබන ආයතන ද ඇති බව ඔහු සඳහන් කළේය.
රාජ්‍ය ව්‍යවසායවල රජය සතු කොටස් පෞද්ගලික අංශයට දී,ඒවායේ ඵලදායිතාව වැඩිකර ගැනීමත් ,රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමත්, මෙහි අරමුණ බව ද ඔහු කීවේය .
පළමු අදියර යටතේ ,ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකන් කේටරින් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම,ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කොළඹ ග්‍රෑන්ඩ් හයාට් හෝටලය, හිල්ටන් හෝටලය, ලිට්ට්‍රෝ ලංකා සමාගම සහ ලංකා හොස්පිටල්ස් යන සමාගම්වල රජය සතු කොටස් පෞද්ගලික අංශයට පැවරීමට තීරණය කර ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ලංකා හොස්පිටල්ස් සමාගමේ කොටස් පෞද්ගලික අංශය ට පැවරීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය
COMMENTS
රාජ්‍ය ආයතන විකිණීමේදී ඒවායේ කොටස් ප්‍රමාණයක් සේවකයින් හා නිළධාරින්ට ගැනීමට අවස්ථාව දෙනවා නම් හොදයි කියලා හිතෙනවා
මේ රජය ආයතන 120 හෝ වැඩි ගණනක් ඈවර කර දමන්න. 1. අඩුවශයෙන් රජයට බදු ආදායමවත් ලැබෙනවා. 2. මොවුන්ට වැටුප් ගෙවීමට රජය ජනතාවට බදු බර වැඩිකිරීමට හෝ මුදල් අච්චු ගැසීමට උවමනා නැත. 3. වෘත්තීය සමීති කාරයින්ට රජයට බල පෑම් කිරීමට ඇති අවස්තාව නැතිවෙනවා. 4 ජනතාවට හොඳ සේවයක් ලබා ගැනීමට හැකිවෙනවා. මේවා ආවර කිරීමෙන් පසු පෞද්ගලික අංශයට hire and fire බලතල ලබා දෙන්න.
පාඩු ලබන ආයතන කෙසේ වෙතත් ලාභ ලබන ආයතන විකිණීම නිසා වෙන්නේ රජයට ලැබෙන ආදායම නැති වීමය. එවිට පාලක උදවිය කරන්නේ ඒ මුදල් උපයා ගන්න හිලව්වට ජනතාවගෙන්ම බදු අය කර ගන්න එකය. මොවුන් මෙතෙක් කල කෙරුවාව හැටියට නම් මොවුනට මිට වඩා ධනාත්මකව වැඩක් කරන්න දක්ෂතාවයක් ඇතැයි කිසිසේත් සිතිය නොහැක. මේ පිලිබදව විමසු මාධ්‍යවෙදිනියට ජනපතිවරයා කඩා පැන්න ආකාරය ශිෂ්ට සම්පන්න යයි මට නම් කිසිසේත් සිතිය නොහැක. රටේ අනාගතය පිලිබදව මහත් බියකරු අවිනිශ්චිත බවක් ඔහුගේ පිළිතුරු දුන් අකාරය අනුව පෙනුණි. මාධ්‍ය ගෙන්වා සාකච්චා තියන්නේ තමන් කියනදේ අහගෙන යාමට බවත් ප්‍රශ්න නොඅසන ලෙස අනියමින් තර්ජනයක් කල බවක් නොපෙනුණිද? මේ රටේ ඉන්නේ ගෞරවනිය පුරවැසියන් නොව ඉන්නේ ඔවුන්ගේ යටත් වැසියන් බවත් තමන් සිතන දේ පමණක් කරන බව සිතමින් මොවුන් දැන් ඉදිරි වැඩ කරගෙන යන බව ඔබට තේරෙනවාදයි නොදනිමි.
කෑලි , කෑලි විකුණන්නේ නැතුව ගෙඩිය පිටින් මුළු ලංකාවම ඉන්දියාවට විකුණන්න බැරිද ?
මේවා කියව කියවා කල්මරන්න ඕන දේවල් නෙවෙයි. ඉක්මන් කල තරමට හොදයි නැත්නම් වෙන දේ දන්නව නේ.
This is a very good idea. government servants are not working for their salary. Always leave a day off or half day or short leave. Even education and health-like services also should be privatized.
ඉස්සරවෙලා පාඩු ලබන ඛනිජ තෙල් , විදුලිබලය වැනි ආයතන ටික ප්‍රතිව්‍යුහගත කරන්න. ඊට පස්සේ පුළුවන් හිල්ටන් රක්ෂණ සංස්ථාව ගැන කතා කරන්න. IMF එක දීපු මේ වසර තුළ කළයුතු ලිස්ට් එකේ රක්ෂණ සංස්ථාව වැනි දේවල් නැහැ. ඛනිජතෙල් විදුලිය වැනි දේවල් පාඨලී චම්පික පාලනය කරපු කාලයේ ලාභ ලැබුවනම්, අවම වශයෙන් දැනට මාස 6-7 කට කලින් නැවත ඔහුගෙන් උපදෙස් අරන් ගොඩ ගන්න අවස්ථාව තිබුණා. දැන් ප්‍රමාද වැඩියි. දේශපාලකයන්, වෘත්තීය සමිති, එම ආයතන පාලනය කළ ඉංජිනේරුවන් වැනි එම ආයතන වල පාලක අධිකාරිය මේ තත්ත්වයට වග කියන්න ඕන.
අපගේ බදූ මුදලින් වැටුප් ගන්නා රාජ්‍ය සේවකයින්ගේ නත්තල් කාලය ඉවරයි. දැන්වත් වැඩ කරපිය
මේක කළ යුතු නමුත් මේ ලාබ ලැබෙන ආයතන. රක්ෂණ සමාගම සහ ටෙලිකොම් වගේ ඒව ඇයි විකුණන්නේ. පුද්ගිකකරණය කරන්න ඕනි ප්‍රාදේශීය සභා ලේකම් කාර්යාල වෘත්තීය පුහුණු ආයතන අර්ධ පෞද්ගලික විශ්ව විද්‍යාල . ඒවා මුළු ලැයිස්තුවම ප්‍රසිද්ධ කරලා මහජන අදහස් ලබා ගන්න. මේක මරාලයක් අන්තිමේ ලාබ ලැබෙන ඒවා විකුණලා පාඩු ලබන ඒවාට ජනාවටම වගකියන්න වෙයි.
ඉදිරි කාලයේදී පැවැත්වෙන ජාතික මැතිවරණ වේදිකාවේදී පාඩු ලබන ආයතන ( පාඩුව පිළිබද විස්තර ජනතවට දන්වා ) පිලිබදව ජනතව දැනුවත්කර ඔවුන්ගේ මතය විමසා පාඩු ලබන පෞද්ගලිකරණය කිරිමයම සුදුසුවේ. එවිට වුර්තිය සමිතීන්ට පවා කළහැකි දෙයක් නොමැත
On what grounds, govt identified to restructure of Sri Lanka Telecom and Lanka Hospitals which are well-known profitable ventures !
ණියමයි. වෙන්න ඔනෙ එක තමයි. රාජ්‍ය සේවය කුඩාවට තියාගත්තම බදු ආදායමෙන් අනිත් රාජ්‍ය සේවාවන් කාර්යක්ශමව සලසා දෙන්න පුලුවන්.
අදික ලාබයන් ලබන ආයතන ගජමිතුරන්ට කොමිස් වලට විකුනනව
ඔව්. ඔබ ලස්සන දියකර හැරීමට. රට.!!!!!!