
(ඩයනා උදයංගනී)
රාජ්‍ය ආයතනයන්හි විදුලි බලයෙන් ධාවනය වන වාහන භාවිතා කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් මෙම වාහන ප්‍රායෝගිකව භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය .
ප්‍රවාහන ක්ෂේත්‍රයට පුනර්ජනනීය විදුලිය භාවිත කිරීම හා ඒ සඳහා ඇති අභියෝග මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා පත්කළ පුනර්ජනනීය බලශක්ති හා විද්‍යුත් ප්‍රවාහන ප්‍රවර්ධන අනුකමිටුව රැස්වූ අවස්ථාවේ දුමින්ද දිසානායක මහතා මේ බව කීවේය.
පුනර්ජනනීය බලශක්ති හා විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම එක් අංශයකට පමණක් සීමා නොවී සමස්ත රටටම පොදු වැඩසටහනක් බවට පත්විය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
විදුලි වාහන ආනයනය කිරීමේ දී ප්‍රවාහන ක්ෂේත්‍රයේ සැබෑ අවශ්‍යතා මොනවාදැයි හඳුනා ගැනීම වැදගත්බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ආණ්ඩුවේ ආයතනවල පවතින ගමන් බිමන් සඳහා මෙම වාහන ගැළපෙන්නේද, අවශ්‍ය දුර ප්‍රමාණය ඉන් ගමන් කළ හැකිද, ඒ සඳහා දැනට ලෝකයේ වාහන නිෂ්පාදනය වෙලා තිබේද ආදිය මෙහිදී සොයාබැලිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම විදුලි වාහන ගෙන්වන්නේ නම් බදුවලින් නිදහස් කිරීම හෝ මුදල ඩීසල් වාහනවලට වඩා අවම විය යුතු යැයි ද දුමින්ද දිසානායක මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘෂිඇමති කාලේ රාජගිරියේ නිළියගේ ටවර් එකේ ඩීල් එක වගේ මේ පාර හුළං පෙත්ත කවුරුහරි වැඩකට නැති තැනක හයිකරලා ලොකු ගානක් ගහන්න වගේ ට්‍රයි කරන්නේ... ජනතාවට කොහොමත් හුළං තමයි. මෙයාලා ඉන්නකං.
හොඳ වැඩක්... ඒත් අපේ දේශපාලකයෝ නේද කියන්නේ? හොඳ කුට්ටියක් කොහෙන් හරි කඩාගන්න වගේ හදන්නේ...
මේ වැඩෙත් කොම්පෝස්ට් කරගන්න වගේ හදන්නේ...!!!
හොඳ යෝජනාවක්.... එ්ත් ඉතින් මීයක් කඩන්නේ වැසිකිලි යන්නම නොවෙයිනේ... මක්නිසාදයත් පොදුවේ ගත්කල "සියලුම පක්ෂවල දේශපාලුවන්" සහ අදාළ උසස් යයි කියනා නිලධාරින් පට්ට හොරුන් බැවිනි.
වේගා කාර් එක හදපු මෙරට සමාගමටම කියලා අපේ රටේ ආයතනවලට හරියන විද්‍යුත් වාහන හදවා ගන්න පුළුවන්... පිටරටින් ගේන්න අවශ්‍ය නැහැ...
ඇමෙරිකාවේ ටෙස්ලා කොම්පැණියේ විදුලි කාර් ඒක තමයි දැන් ඇමෙරිකාවේ ජනප්‍රියම ඒක. ඒත් මාස 3ක් විතර පෝලිමේ ඉන්න ඔින ඒකක් ගන්න. තැන් තැන් වල චාර්ජ් කරන තැනුත් තියෙනවා. හැතැක්ම 300 ක් විතර යන්න හැකි එක පාරක් චාර්ජ් කරාම.
කොමිස් එක කීයද? බෙදෙන්නේ කා අතරද?