
(රංජිත් රාජපක්ෂ)
මහනුවර සිට හැටන් දක්වා අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට පෞද්ගලික බස් රථ දෙකක් ධාවනය කළ රියදුරන් දෙදෙනෙකු හැටන් පොලිසියේ රථවාහන අංශයෙ නිළධාරින් විසින් අද (07) දින අත්අඩංගුවට ගෙන ඇත.
බස් රථ දෙකම මහනුවර බස් නැවතුම්පොලේ සිට අවස්ථා දෙකකදී ගමන් ආරම්භ කර ඇති අතර, ප්‍රථමයෙන් ධාවනය වූ බස් රථය ගිනිගත්හේන ප්‍රදේශයේදි හමු වීමත් සමග එම බස් රථ දෙකේ රියදුරන් හැටන් බස් නැවතුම්පොල දක්වා අධික වේගයෙන් බස් රථ ධාවනය කරවන අයුරු බස් රථ දෙකේ පසුපස යතුරු පැදියක පසුපස ගමන් ගත් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයෙන් පටිගත කර හැටන් කොට්ඨාශභාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා වෙත පැමිණිල්ලක් වශයෙන් ලබා දී ඇත.
වහා ක්‍රියාත්මක වූ පොලිස් අධිකාරිවරයා එම බස් රථ දෙක ධාවනය කල රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් වෙත දැනුම් දීමෙන් පසු රියදුරන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රේස් ගිය බස් රියදුරන්ට වැඩ වරදී
Rifan Sunday, 07 September 2025 10:47 AM
මෙම වීඩියෝව ලබාගෙන අදාල පාර්ශවයට යොමු කල ඒ තැනැත්තාට අපගේ ආචාරය
Ekanayake Sunday, 07 September 2025 08:30 PM
නියමයි... මහජනතාව මොවුන්ව අල්ලා ගැනීමට පොලිසියට සහාය දිය යුතුයි.
thilak Sunday, 07 September 2025 09:37 PM
මෙහෙම බස් එලවන රිලව් ගැන හොයන්ට පහුගියදා පොලිසිය සිවිල් ඇඳුමෙන් බස් වල ගියා. ඒකට විරුද්ධ වුනේ බස් ගැමුණු.
Hasith Monday, 08 September 2025 03:29 PM
මේවා පාරෙ යන මිනිස්සු වීඩියෝ කරලා දානකන් පොලිසිය පාරේ බෝක්කු යට රිංගන් මොනවා කරනවාද? රටේ ප්‍රධාන පාරවල් වල බහුල සිදුවීම් මේවා.. හැබැයි පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ ඉතා කාලාතුරකින්...