
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක්කෝටි 60 ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි කාන්තාවක අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාරියට එරෙහිව පැමිණිලි පහළොවක් ලැබී තිබූ බව එම ඒකකය කියයි.
සැකකාරිය කලක් රැමේනියාවේ සේවය කර ඇති අතර එරට සම්බන්ධතා උපයෝගී කරගනිමින් රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මෙම මුදල් ලබාගෙන වංචා කර ඇති බව ලද පැමිණිලි අනුව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
විමර්ශන සිදු කරන අතර වාරයේදී සැකකාරිය පිළියන්දල වැල්ලම්පිටිය කොළොන්නාව යන ප්‍රදේශවල සැඟව සිටින බවට ලද තොරතුරු අනුව වැටලීම් නිලධාරීන් එම ප්‍රදේශ කරා යාමේදී ඊට පෙර සැකකාරිය එම ස්ථානවලින් පලා ගොස් තිබූූ බව ඒකකයේ සඳහන්කරයි
අනතුරුව විමර්ශන නිලධාරීන් උපාය දූතයකු යොදාගෙන සැකකාරිය සම්බන්ධ කරගෙන විදේශ රැකියාවක් ලබාදීමට අදාල ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කොළොන්නාව ප්‍රදේශයේ නීතිඥවරයකුගේ නිවසට පැමිණෙන ලෙස දන්වා සැකකාරීය එම නිවස වෙත පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ජාවාරමට සම්බන්ධව සැකකාරියට සහාය වූ තවත් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ අතට වීසා එක ලැබෙන කම්, මෙවැනි වංචාකාරී ඒජන්තකරුවන්ට විශාල වශයෙන් මුදල් ගෙවන්නට මෙතරම් මිනිසුන් මෝඩ වන්නේ ඇයි?
මේ වගේ අයට උපරිම දඩුවම් දෙන්න
වංචාකාරයින්ට නෝ චාන්ස්
මෙහෙමත් හොර ගෑණු. උපරිමයෙන් දඩුවම් දෙන්න කටයුතු කරන්න.
තවත් මේ වගේ හොර වැඩ කරන අය ඉන්නවා නිදැල්ලේ...
අසරණ මිනිස්සුන්ගේ මුදල් හොරාකන අයට උපරිම දඩුවම් දෙන්න.
මේ වගේ හොර් නම් තියන්නවත් එපා. අසරණ මිනිස්සු අමාරුවේ වැටෙනවා.
මමත් ඔය වගේ ඒජන්සියකට මගේ පාස්පෝට් එක දුන්නා. සල්ලිත් ඉල්ලුවා ලක්ෂ 5ක්... මම දුන්නේ නැහැ. පස්සේ ඒක අවලංගු වුණා. සල්ලි දුන්නා නම් තියන ටිකත් නැතිවෙනවා. හොද වෙලාවට බේරුණේ.
රට යන ගමන් නම් අද කාලේ පරිස්සමෙන්...
අද සමාජයේ ඇහෙන දකින දේවල් අනුව කවුරුවත් විශිවාස කරන්න බැහැ.
ගෙවල් ඉඩකඩම් උගස් තියලා තමයි යන්නේ... පස්සේ මොකුත් නැතිව පාරට යන්න තමයි වෙන්නේ. මේවාට නීතියෙන් දඩුවම් දෙන්න.