
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැලීමට දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූවරුන් දෙසීයකට අාසන්න පිරිසක් බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් සහ රෝහල් ප්‍රධානීන්ගෙන් වරින් වර කර අැති ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
මේ අතර වික්‍රමසිංහ මහතා බැලීමට කොළඹ ජාතික රෝහලට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ අය සියයකට වැඩි පිරිසක් ආපසු හරවා යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
සීමිත පිරිසකට පමණක් දැඩි සත්කාර ඒකක පරිශ්‍රයට ඇතුළු වීමට පෙරේදා අවසරදී අැතත් වික්‍රමසිංහ මහතා බැලීමට අවසරදී නැත
විශාල වශයෙන් පුද්ගලයන් පැමිණීමෙන් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම සෙසු රෝගීන්ගේ සෞඛ්‍ය තත්වයට මෙන්ම ආරක්ෂාවට තර්ජනයක් බවට රෝහල් ප්‍රධානීන් දැනුම් දීමෙන් පසුව ආරක්ෂක අංශ මෙම තීරණය ගෙන ඇත.
වික්‍රමසිංහ මහතා නේවාසිකව ප්‍රතිකාර ලබන දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්වයේ පසුවන තවත් රෝගීන් නව දෙනකු ප්‍රතිකාර ලබන බව පැවසේ.
මේ අතර හිටපු ජනාධිපතිවරයා බැලීමට පැමිණෙන පිරිස සීමා කරන්නැයි ඔහුගේ පවුලේ සාමාජිකයන්ද රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට පසුගිය 23 වැනිදා ඇතුළත් කෙරුණ.
පවතින තත්වය යටතේ වික්‍රමසිංහ මහතා බැලීමට කොළඹ ජාතික රෝහලට පැමිණීමෙන් වළකින ලෙස වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලීමක් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටීක කාලෙකින් අර මහනුවර රාජා ඇතා වගේ තිබ්බොත් ඕන අයට බලාගන්න පුළුවන්.
හොරකම් කරලා සල්ලි හොයා ගත්තොත් ප්‍රභු හොරු
දේසපාලන අනාතයෝ ,කරන්ඩ කියලා දෙයකුත් නැහැනේ? හොරකම් වන්චා දූෂන කරපු දූෂිත දේසපාලුවෝ සෙට් එකම එකට එකතු වෙලා?
ඕකුන්ගේ වැඩි දෙනෙක් රනිල්ව හිරේ යවන්න කියපු, රනිල් හිරේ යනකම් නින්දා යන්නේ නෑ කියපු, රනිල් හොරා කියපු එවුන්.
ඔච්චරටම උවමනාවක් තියේනම් ඔය උඩින් දාල තියෙන පින්තූරේ බලාගන්නවලකෝ. එහෙම නැත්නම් දැන්මම ජයරත්න එක ගාව පෝලිමේ ඉස්සරහම තැනක් අල්ලාගෙන ඉන්නවලකෝ. තව දවසකින් දෙකකින් ICU එකෙන් ටිකට් කපලා ජයරත්න එකට එවනවා. වැලියි කැටයි දෙකම තියලා කියන්නේ
අප රටේ දේශපාලකයින්ගේ කළ දුටු කළ වල ඉහ ගන්නා ජන්ම ගති අනුව මෙම කාරණාවත් දේශපාලන බලපෑම් මත රනිල් මහත්මාව බලන්ට දෙනේ නැහැ යි කියලා කිව්වත් මම පුදුම වෙන්නේ නැහැ. හේතුව, අපේ දේශපාලනය අතිශයින්ම හිරිකිතයි
ප්‍රභූවරුන් කීයක් ආවැයි ?
බලන්න ඉඩ දුන්නොත් බොරුව හෙලි වෙන්න ඉඩ තියෙනවා,බල්ලා එලියට ඇවිල්ලා කිව්වොත් රනිල්ට කිසිම කරදරක් නැහැ හොදට ඉන්නවා කියලා ඔක්කොම ඉවරයි !
රනිල් කෙසේවෙතත් , පව් අනික් අසරණ ලෙඩ්ඩු … නිකන් හරි විෂබීජයක් ගියොත් අමාරුවේ වැටෙන්නේ රනිල් නෙවෙයි, අනික් අහිංසක ලෙඩ්ඩු .ඒ ගොල්ලො ඊට පස්සේ පුද්ගලික ICU හොයගන්න යයි…
ඔහු සිටින්නේ සැබෑ සහ වඩාත් තීරණාත්මක හෝ ක්ෂණික අවශ්‍යතා ඇති රෝගියෙකුට වෙන් කළ හැකි ICU ඇඳක ය.