
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියොත් රටට හොඳක් වේවි යැයි සිතන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (7) පැවැසීය.
"නමුත් එහෙම කිසිම සූදානමක් නැහැ.එතුමා පාර්ලිමේන්තුවට යනවා නම් හරි කාලෙ බලලා යාවි.නමුත් දැනට එවැනි සාකච්ඡාවක් නැහැ.එවැනි සූදානමක් නෑ, යනුවෙන්ද එජාප නියෝජ්‍ය නායකයා කීය.
එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ කීවේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති දන්සලක ආරම්භක අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති පාර්ලිමේන්තුවට එනවා යැයි බොහෝ කතාබහක් ඇති වී තිබෙන බවත් එතුමා පාර්ලිමේන්තුවට යවන්න සූදානමක් තිබේදැයි එහිදී මාධ්‍යවේදීහු රුවන් විජයවර්ධන මහතාගෙන් විමසූහ.
රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතමින් සිරිකොත පක්ෂ මූලස්ථානය මෙම දන්සල සංවිධාන කර තිබිණි.

2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රනිල් පාර්ලිමේන්තු යනවාද?රුවන් උත්තර දෙයි
සෙනෙවිරත්න Sunday, 07 September 2025 02:20 PM
ඔච්චර ලෙඩ ගොඩක් එවන්න එපා... රක්ෂණය ලක්ෂ දෙකයි. ඕකෙ පණ ගියොත් ඒකේ බරත් අපිට තමයි...
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Sunday, 07 September 2025 10:47 PM
හරි පාරෙන් යනවාද? හොර පාරෙන් යනවාද කියලා තමයි කියන්න ඕන. හරි පාරෙන් යන්න නම් ඊළඟ මැතිවරණෙ එනකං ඉන්න ඕන. හැබැයි ඊට කළින් පිලමන්ට් එක ගහලා යාවි, එකනං ෂුවර්. කොහොම වුනත් මැතිවරණෙකින් ප්‍රාදේශීය සභාවකටවත් යන එකනං බොරු. හොර පාරෙන් යන්න නම්, රවියටහරි අනිත් ගොයියටහරි ගානක් දීල ඉල්ලා අස්වෙන්න කියන්න ඕන.
Rukmal Sunday, 07 September 2025 11:35 PM
ඔය කුණ්ඩවාලෙ එවන්න එපා වලාමෙ... මළමිනියක් වගේනෙ... දැන් රක්සනෙත් නෑ,
පිටරැටියා Monday, 08 September 2025 02:10 AM
මාරාන්තික ලෙඩ රෝග කන්දරාවක් තියෙන කෙනෙක් නම් ,වෙන රටවල දේසපාලනෙන් අයින් වෙන්නේ දැනගත් ගමන්? ඒ රටවල එහෙම උනාට ලන්කාවේ එහෙම වෙන්නේ නෑ?
Sarath Gomes Monday, 08 September 2025 07:43 AM
ඒක හරි. මුලින්ම එයාට එයාගේ සෞඛ්‍යය ගැන බලාගන්න දෙන්න කියන එකට මම එකඟයි.
රුවන් Monday, 08 September 2025 09:09 AM
ඔව් එතුමා අපහු පාර්ලිමේන්තුවට රිංගන්නේ පිනා ජනාධිපති වෙන්න චාන්ස් එකක් තියනවනම් විතරයි , එත් ඒකත් ශුවර් නැහැ ,මොකද ආපහු ඒ කාලේ වගේ අපේ බදු මුදල් වලින් ලෝකේ වටේ සවාරි යන්න අමාරුයිනේ
ගුණරත්න Monday, 08 September 2025 11:15 AM
පාණ්ඩු පක්ෂේ නියායාචාර්ය කෙනෙක් දිනනකම් දිනනකම් කියල මහත්තෙක්. ඒ මහත්තයා ඡන්දේ ඉල්ලන්නේ නැත්තේ කාලෙකට ඉහතදී හිරේ ගිහින් ඡන්ද අයිතිවාසිකම නැති වුනු නිසා කියල කවුදෝ කියුවා, ඇත්තද දන්නේ නැහැ ඉතින්.
ගුණරත්න Monday, 08 September 2025 11:17 AM
ඒ වුනාට බදු මුදලෙන් අම්ම බලන්න ගියාට කමක් නැහැ නේ? ජවිපෙ බූරු කල්පනා අනුව ජනාධිපතිගේ අම්මා පොදු දේපලක්ද මන්දා?