IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රතු රස දිය ඇතැයි පවසා සිලින්ඩරයක් විකුණන්න ගිහින් මාට්ටු

(සුමිත් පොතුපිටිය)

රුපියල් කෝටි 900 ක් පමණ වටිනා බව පවසමින් රුපියල් ලක්ෂ 200 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ රතු රසදිය අඩංගු බවට සදහන් සිලින්ඩරයක් සමග සැකකරුවන් තිදෙනෙකු  අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .

එල්ට්ටීඊ සංවිධානය විසින් භාවිතාකල සබ්මැරීන් වල තාක්ෂණය සදහා යොදාගත් රතු රසදිය අඩංගු සිලින්ඩරයක් ඇති බවත් , එය මිළදී ගෙන පසුව ඉන්දියානු ධන කුවේරයෙකුට විශාල මුදලකට අලෙවි කිරීමට හැකි බවත් පානදුර ව්‍යාපාරිකයකුට දන්වා රැගෙන ආ සිලින්ඩරය අලෙවි කිරීමට සූදානම් වීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ .

සැකකරුවන් අත්අඩංගුවට ගෙන අඩි දෙකහමාරක් පමණ උසැති රතු රසදිය අඩංගු බව කියන සිලින්ඩරය සමග ඔවුන් පැමිණි මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ .

පොලිස් භාරයට ගත් සිලින්ඩරයේ රතු රසදිය බවට සදහන් ද්‍රාවනය පරීක්ෂා කිරීමේදී තිරුවානා, ග්‍රැනයිඩ් කළුගල් සහ වෙනත් පාෂාණයන් අඩංගු මිශ්‍ර ද්‍රව්‍යයක් තිබූ බවද සදහන් වේ.එම සිලින්ඩරය රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්ථාවක් ලබාගැනීමට නියමිත බවද වැටලීමට එක්වූ නිළධාරියෙක් කීය.

 



අදහස් (0)

රතු රස දිය ඇතැයි පවසා සිලින්ඩරයක් විකුණන්න ගිහින් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site