(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රණවිරු උත්සවය අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසා කලහකාරී ලෙස හැසිරුණු පියෙකු සහ දරුවන් දෙදෙනෙකු පොලිස් භාරයට ගත් බව තලංගම පොලිසිය පවසයි.
මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ වැලිපැන්න, දොඩම්පාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
එම සැකකරු සහ දරුවන් දෙදෙනා පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී එම පුද්ගලයාට කරුණු පැහැදිලි කරමින් සිටි නුගේගොඩ සහකාර පොලිස් අධිකාරීවරයාගේ අත සපකා ඇති බවද පොලිසිය පවසයි.
වැලි පැන්න පොලිසියෙන් සිදු වූ අසාධාරණයක් පිළිබඳව රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඒ පිළිබඳව පැවසීමට අවශ්‍ය බව එම පුද්ගලයා පවසා ඇති අතර ඒ සඳහා වෙනත් දිනයක පැමිණෙන ලෙස දන්වා සිටියදී කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය කියයි.
අනතුරුව ජනාධිපතිවරයා හමුවීමට ඉඩ ලබා නොදුන්නහොත් මාර්ගයේ ගමන් කරන වාහනයකට දරුවන් දෙදෙනා සමග පනින බව පවසා කලබල කර ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම පුද්ගලයා සහ ඔහුගේ දරුවන් දෙදෙනා පොලිස් භාරයට ගත් බව පොලිසිය කියයි.
නුගේගොඩ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතාගේ උපදෙස් පරිදි නුගේගොඩ සහකාර පොලිස්අධිකාරි 2 ලසිත රංග අභය වික්‍රම මහතාගේ මෙහෙයවීමෙන් කලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රණවිරු උළලේ කලබල කළ පියකු - දරු දෙදෙනකු අත්අඩංගුවට