
(නිමල කොඩිතුවක්කු)
මේ මොහොත වන විට රටේ බරපතළ ඖෂධ හිඟයක් පවතින බවත් එයට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වෛද්‍ය සැපයුම් ආයතනයේ ඖෂධ වර්ග 180ක හිඟයක් ඇති බවත් ඊට අමතරව රෝහල් පද්ධතිය තුළ තවත් අත්‍යවශ්‍ය ඖෂධ 50ක හිඟයක් ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ඒ අතර ප්‍රතිජීවක, වේදනා නාශක, ඉන්සියුලීන්, හෘද රෝග ඖෂධ මෙන්ම බරපතළ උපකරණ හිඟයක් ද ඇති බවත් කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.
රටේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් තිබියදී කොවිඩ් අලුත් ප්‍රභේදයක් පැතිරෙමින් යන බවත් රජයෙන් එයට කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවත් ප්‍රේමදාස මහතා කීවේය.
මෙවැනි තත්ත්වයක් උඩ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රශ්නවලට මේ වන විටත් උත්තරයක් ලැබී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේවා ජනතාව ඉදිරිපත් කරන ප්‍රශ්න වුවත් අද දින ද ඖෂධ හිඟය ගැන හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු නොමැති බවත් ඔහු සඳහන් කළේය.
මේ වන විට රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනයට රජයේ උනන්දුවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වනවිට සිංගප්පූරුව තායිලන්තය ඉන්දියාව හා හොංකොං යන රටවල LP 8.1 යන කොවිඩ් අනු ප්‍රභේදයක් පැතිරෙන බවත් මේ අනු ප්‍රභේදය ගැන අප රටේ පරීක්ෂණ ක්‍රියාත්මක නොවන බවත් ඔහු සඳහන් කළේය.
මේ අනු ප්‍රභේදය ගැන පරීක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් රෝහල්වල රෝග ලක්ෂණ පෙන්වන අය පරීක්ෂා කර වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙලියට කියන්න
ලාමක ටින්ටින්. හරියට කතා කරන්නෙ. බලය තියෙනකොට. ජනතාවගේ ඕනෑ එපාකම් එසැනින් හොයලා කෙරුවා වගේ. මුන්ගේ නඩේ එකෙක් නේද. කෙහෙලිය. කොහොමද කෙරුවාව ජනතාවට දරුනු රෝගින්ට. බෙහෙත් වෙනුවට වතුර විද්දේ. මාලිමාව එනකම්. අනුර කුමාර. මහතා ඒ ගැන එලිකරනම්. මුන් එකෙක් කට ඇරියද. දැන්කොහොමද. කටවහගෙන. ඔය මැක්කොටිකතරන් ගෙදර යන්න. මෙයා නිකම් කතාකරන්නෙ. අනුරගේ. වැඩ බලන්න. ආපු කෙනෙක් වගේ. පිට පලාත්වල වැසියෝ පාලම් නැතිව උපන්දා පටන් ගස් වැල් අල්ලන් ගගින් එගොඩ වෙන්නෙ. ඒවට මොකද කියන්නෙ. මාලිමාවද. ඒකටත් වග කියන්න ඕන. ඇදන්. වැටුබම. දැන්නේ ගොබ්බ රැලට ජනතාවගෙ දුකහොදටම. පේන්නෙ. මතකද. දවසක් කිව්වා අපිට වැඩ කරන්න රජයේ මුදල් අවසශ්‍ය නැහැ. අපිලග. තියෙනවා හොරා කාපුවා. කියලා. ඉතින් ඒ මුදල් මේ වගේ වේලාවට එලියට රටට අව්ශ්‍ය බෙහෙත් ගන්න. බාල බෙහෙත් නැතිව ඉස්තරම් ඒවා. අර රත්තරන්. පිස්තෝලය අයිතිකරු දන්නෙ නැත්ද.
පොඩිඩක් ඉවසන්න තාම කවුරුවත් මලේ නැහැනේ. මේ ආණ්ඩුව වැඩ කරන්න පටන් ගන්නේ හත්පොලේ හෑවුනාට පස්සෙයි. අමතක උනාද , මේ ශ්‍රී ලංකාව කියලා...
අනේ මන්දා මේ මනුස්සයාට කවුද දන්නේ නැහැ මේ ලණු ගිල්ලවන්නේ, මහ පොලවේ පය ගහලා ජීවත්වන චරිතයක් නොවන නිසා කවුරු හරි කියලා දෙන දෙයක් හො ලියලා දෙන දෙයක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔහේ කියවනවා. ලබන සැරේ විපක්ෂ නායකකම තියා මන්ත්‍රි තනතුරක් ලැබුණොත් ලොකු පුදුමයක්...!
නියම විහිළුකාරයා, මට හිනා වෙන්න ඕන වුණාම මම විපක්ෂ නායකයෙක් විදිහට පාර්ලිමේන්තුවේදී අහපු ඔහුගේ දිග ප්‍රශ්න ලැයිස්තුවට සවන් දෙනවා.
කෙහෙළියට පක්ෂව ඡන්දේ දිපු සජියා එදා කෝමා තත්ත්වයේ ද හිටියේ??