
(සුජිත් හේවාජුලිගේ )
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැවසීය.
මේ වසරේ මේ දක්වා කාලය ඇතුළත ඩෙංගු මරණ හතක් වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළේය.
දිවයින පුරා ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වසම් 38ක් හඳුනාගෙන ඇති බව පැවසූ සමරවීර මහතා පසුගිය වසරේ මැයි අප්‍රේල් මාස වලට සාපේක්ෂව මේ වසරේ මැයි අප්‍රේල් කාලයේදී ඩෙංගු පැතිරීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කළ බවද ප්‍රකාශ කළේය.
මැයි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 2355ක් වාර්තා වී ඇති බවත් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් බෙංගු මර්දන ඒකකය පවසයි. බස්නාහිර පළාතෙන් වෙන්වු රෝගීන් වාර්තා වීම සියයට 48 ක් බව සුදත් සමරවීර මහතා පැවසීය.
ඩෙංගු පැතිරීම පාලනය කිරීම සඳහා ලබන 19 සහ 24 කාලසීමාවේදී එම රෝග පාලන සතියක් ක්‍රියාත්මක කිරීමට ඩෙංගු මර්දන ඒක සැලසුම් කර ඇත. ඩෙංගු රෝගය පාලනය කරගැනීම සඳහා තම ගෙවත්තේ සහ රැකියා ස්ථානවල මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙස එම ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එසේම දිගු කලක් උණ තත්ත්වයන් පවතින්නේ නම් වහාම ළඟම ඇති රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසටද ඉල්ලීමක් කෙරේ.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටේ ඩෙංගු නරක අතට: මර්දනයට වෙනම සතියක්
Kamal Koyrala Thursday, 15 May 2025 11:12 AM
නගර සභා, ප්‍රාදේශීය සභා සියල්ල ආක්‍රමණ්‍ය කර ඇත . බල පිහිටුවීමට චන්දය ලැබිලත් තවම බාල ගිරි අද නොවේ හෙට කියා අතන මෙතන සාකච්චා කයිවාරු පමණි .NGO / පරිසර , නිදි .
MaduThursday, 15 May 2025 06:17 PM
ළමයින්ට ඩෙංගු ගොඩක් හැදෙන්නේ පාසල් වලින්. පාසල් පරිසරය පිරිසිදු කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුයි. සෞඛ්‍ය පරීක්ෂක වරු පාසල් වලට යනවා අඩුයි.