IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


’’රජයේ වැරැදි පෙන්නන අයට මරණ තර්ජන එල්ල වෙලා’’

(අංජුල මහික වීරරත්න)

රජයේ වැරදි පෙන්වා දෙන අයට දැන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් අරන් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන සංස්කෘතිය අදටත් ව්‍යාප්ත වෙමින් පවතින බව කී විපක්ෂ නායකවරයා මේ තත්ත්වය නිසා සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිත අනාථ වී ඇති බව සඳහන් කළේය.

මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ට මෙන්ම  මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින අයට, සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ට දැඩි අනාරක්ෂිතභාවයක් මතුව තිබෙන බව විපක්ෂ නායකවරයා කීය.

වත්මන් රජය පසුගිය මැතිවරණ වේදිකාවේ මේස පුටු අරන් ආවොත් ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පවත්වන් නම් කියූ නමුත් ඔවුන්  රටේ වගකීම බාර ගත් මොහොතේ  මිනිමරු සංස්කෘතිය නගරයෙන් නගරයට ව්‍යාප්ත වී ඇති බව කීය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසූයේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.



අදහස් (13)

’’රජයේ වැරැදි පෙන්නන අයට මරණ තර්ජන එල්ල වෙලා’’

රනේ Saturday, 06 September 2025 09:00 PM

අපිව හිනා ගන්වා සතුටු කරන ඔබට ස්තූතියි!

:       2       0

ravin Saturday, 06 September 2025 09:18 PM

මව් පාර්ශවයෙන් විමසුවොත්, ඔයා ගැන වැඩි විස්තර දැනගත හැකිය.

:       0       0

ජිල්බු Saturday, 06 September 2025 09:20 PM

රිචඩ් ද සොයිසාව මතක් උනා.

:       0       0

උකුස්සා Saturday, 06 September 2025 09:29 PM

පාතාලෙන් නම් රජයට මරණ තර්ජන කතාව ඇත්ත

:       0       0

පොඩිඑකා Saturday, 06 September 2025 09:52 PM

ස්විමිං පූල් එකේ ෆොටෝ ගහපු එකා මැරැවෙ කව්ද පුතේ?

:       0       0

විපරමා Saturday, 06 September 2025 09:54 PM

රජයේ වැරදි පෙන්වන්ඩ ගිහින් මහ දවාලේ මාද්‍ය වේදීන් ගාතනය කරවපු හැටි,අතුරුදහන් කරවපු හැටි මතකවත් නැතුව ඇති.

:       0       0

pakeer Saturday, 06 September 2025 11:53 PM

මොකද්ද රජය කරන වැරැද්ද ?

:       0       0

ගුණරත්න Saturday, 06 September 2025 11:57 PM

ඇත්ත කතාව, ආණ්ඩුව විවේචනය කලාම මාලිමා පෙන්දෝ ටික කුපිත වෙලා රටේ නැති අපහාස කරනවා. උන්ට අනුන්ට අපහාස කිරීම සහ අතට අහුවෙන බොරු කීම ඇරෙන්න කිසි දෙයක් බැහැ

:       0       0

දිනේෂ් Sunday, 07 September 2025 08:11 AM

ඔයාලා කිරි පොවපු අය තමයි අපරාධ කරන්නේ. තව කට්ටිය අහු වෙනව ඉවසගෙන ඉන්න

:       0       0

Asanga Sunday, 07 September 2025 08:29 AM

ඒ ඔබලාගේ කාලේ

:       0       0

Rata Perata Sunday, 07 September 2025 09:03 AM

නිකම් බයිලා ගහන්නේ නැතුව ඉන්නවා හලෝ. කරපු නීති විරෝධී වැඩ වහගන්න හොරු ඔක්කොම එකතුවෙන්න දඟලන දැඟලිල්ල අපිට පේනවා.

:       0       0

Kamal Koyrala Sunday, 07 September 2025 11:14 AM

වහාම SJB නීතිඥයන් ලවා, ඔබ කියන මරණ තර්ජන එල්ල උනු අයට පැමිණිලි කර නඩු පවරන්න, ඔබතුමාට සාක්ෂිකරු ලෙස වශයෙන් පෙනී සිටින්න පුළුවන් නේ

:       0       0

සෙනෙවිරත්න Sunday, 07 September 2025 12:25 PM

පාතාලය වර්ධනය කරවලා, කුඩු ගෙන්නපු අය අහනවා පාතාලය ගැන, සේරම එලිවෙනවා. දැන් මෙයා අලුත්ම වැඩක් අර මල්ගවුම් කාර මඩකරිය වෙනුවෙන් කතා කරනවා, පව් මොවුන්ට උදව් කරලා නාගන්න එපා.. ඔවුන් තමයි ඔය පුතානෝ කියලා නම තැබුවේත්.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site