IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


’’රේගු අධ්‍යක්‍ෂ එන වැඩවලට අපි එන්නෙ නෑ’’

(යොහාන් භාසුර)

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස් මහතා සහභාගි වන කිසිඳු නිල රාජකාරියකට හෝ රැස්වීමකට රේගු වෘත්තිය සමිති සන්ධානයේ සාමාජිකයන් සහභාගි නොවීමට තීරණය කළ බව එම සංගමයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (22) පැවසීය.

රේගු වෘත්තිය සමිති සන්ධානය එළඹි එම තීරණය එහි සියලු සාමාජිකයන්ට අද පෙරවරුවේ දැනුම් දුන් බව කී එම නිලධාරියා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ගේ ක්‍රියාකළාපය පිළිබඳව එකඟ වියනොහැකි බව ද සඳහන් කළේය.

වර්තමාන රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉවත් කර නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයා සමඟ ඊයේ (21) පැවැති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කළ බව ද එම නිලධාරියා කීය.

වර්තමාන රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තව දුරටත් කටයුතු කරන්නේ නම් රේගුවේ කටයුතුවලට බාදාඇතිවීම වැලැක්විය නොහැකි බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (4)

’’රේගු අධ්‍යක්‍ෂ එන වැඩවලට අපි එන්නෙ නෑ’’

Don perea Wednesday, 22 January 2025 09:25 PM

ලංකාවේ ලොකුම හොරු ඉන්න තැන.

:       2       46

Nimal Wednesday, 22 January 2025 09:52 PM

සක්කරයා ආවත් ඔය හොර ගුහාව. හොර ගුහාවම තමයි.

:       2       43

sakra Thursday, 23 January 2025 05:52 AM

හේතුව හරි සරලයි . මුන්ගේ හොර වැඩවලට හරස්වන ඕනෑම කෙනෙක් එක්ක මුන් පැටලෙනවා . වෙනත් රටවල නම් කස්ටම් එකේ නිලධාරීන් කියන්නේ තවත් සාමාන්‍ය පුද්ගලයින් වර්ගයක් විතරයි නමුත් අපේ රටේ උන් හිතාගෙන ඉන්නේ උන් හරි පොරවල් කියලයි . පු.ට දෙකක් ගහල පන්නල මෙවදෙට හමුදාව දාල කරගෙන යන්න පාලකයින්ට කොන්දක් නැහැනේ . අර සිය ගෙනාපු නිතිය තියෙන නිසා මුන්ගේ වත්කම් පිළිබඳව දිගට හරහට නඩු ගොනුකරන්න දැන් මහනතාවට පුළුවනි . මුන්ගෙන් ඇති බහුතරක් නීතිවිරෝදී වත්කම් උපයාගෙන ඇති බව ඉතා පැහැදිලියි.

:       2       20

AnuraThursday, 23 January 2025 10:38 AM

වෘත්තීය සමිතිවලට අනුයුක්තව සිටින රේගු නිලධාරීන් විශ්වාස නොකරන්න, වසර 5 කට පෙර ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් පැමිණි මගේ සහය නොදක්වන ගමන් මලු ලබා ගැනීමට එම පහසුකම්වලින් එකකට ගිය විට, පාරිභෝගිකයා මගේ කාලය අවසන් / සවස 3 ට පමණ යැයි පවසමින් මගේ විදේශ ගමන් බලපත්‍රය මා ඉදිරිපිටට විසි කළේය. මම ඔහුව ඉහළ නිලධාරියෙකුට පැමිණිලි කර ඔහුව වරදට ගෙන ගිය අතර ඔහු මට සඳහන් කළේ සමාවෙන්න, මේ යුනියන් කාරයෙක් සහ ඔහුගේ බලය පෙන්වමින්. මට සමාවෙන්න කියලා ඔබට නැවත නැවතත් කියනවා. සරල තීරුබදු හඳුන්වා දීමෙන් ඒ මුළු පොකුරම ඉවත් කිරීමට කාලයයි.

:       2       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site