IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


යුක්රේනයේ සිටින ලංකිකයන් සියලු දෙනා ආරක්ෂිතව ඉවතට

(විමුක්ති එස්. රුද්‍රිගු)

තුර්කියේ අන්කාරා නුවර සහ පෝලන්තයේ වර්සෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමග සමීපව කටයුතු කරමින් යුක්රේනයේ සිටින ශ්‍රී ලංකිකයන් ආරක්‍ෂිතව ඉවත් කරගැනීමට පහසුකම් සපයන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. 

යුද්ධයට පෙර ශ්‍රී ලාංකික සිසුන් 17 දෙනකු යුක්රේනයෙන් පිටව ගොස් ඇති අතර එතැන් සිට අන්කාරා සහ වර්සෝ තානාපති කාර්යාල සමග සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකික සිසුන් 32 නෙක් පෝලන්ත දේශ සීමා හරහා ඉවත් කරගැනීමට පහසුකම් සැලසීමට විදේශ කටයුතු අමාත්‍යංශය ට හැකියාව ලැබී ඇත.

පෝලන්තය හරහා මෙරටට පැමිණීම සඳහා පෝලන්ත දේශසීමාව වෙත ළඟා වෙන යුක්රේනයේ ඉතිරිව සිටින ශ්‍රී ලාංකිකයන් පහත සඳහන් ක්ෂණික දුරකථන අංක ඔස්සේ වර්සෝ සහ අන්කාරා තානාපති කාර්යාල සමග සම්බන්ධ වන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

වර්සෝ +48 795 031 376, +48 536 229 694 අන්කාරා +90 534 456 94 98, +90 312 427 10 32 එම අංක වෙයි.

මේ අතර ගොමෙල් රාජ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ සහ බෙලරුසයේ ග්‍රොඩිනෝ රාජ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ට තාවකාලිකව තම කැමැත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍යනම් ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය රුසියාවේ මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් පහසුකම් සපයන බවත් පහත සඳහන් දුරකතන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකි බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

+79 80 144 5726 දේශසීමා සහිත රටවලට ඇතුළුවන විදෙස් ගත ශ්‍රී ලාංකික සිසුන් විදේශ ගමන් බලපත්‍රය, තාවකාලික ගමන් ලේඛන,උප්පැන්න සහතිකයත් ,දේශ සීමාවේ දීර්ඝ කාලයක් රැඳී සිටීමට සිදුවන නිසා ආහාර,ජලය සහ ඖෂධ ප්‍රමාණවත් ලෙස ළඟ තබා ගන්නා ලෙසත් විදේශ කටයුතු අමාත්‍යංශය ඉල්ලා සිටියි.

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලංකික සිසුන්ගේ තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් යාවත්කාලීන කරන අතර වැඩි දුර තොරතුරු 011 2338837, 0112335942 දුරකථන අංකයෙන් ලබා ගත හැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

 



අදහස් (0)

යුක්රේනයේ සිටින ලංකිකයන් සියලු දෙනා ආරක්ෂිතව ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1220 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1199 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site